×

ඉරාන හමුදා නායකයා මරා දැමුවේ දහස් ගණනක් ඇමරිකානු ජීවිත බේරාගන්නයි – පොම්පියෝ

ඉරානයේ ඉහළ පෙළේ ජනරාල්වරයෙකු සහ බලවත්ම මිනිසෙකු ලෙස සැලකුණු කාසෙම් සොලෙයිමානි ට්‍රම්ප්ගේ නියෝගයෙන් මරා දමනු ලැබුවේ දහස් ගණනක් ඇමරිකානු ජීවිත බේරාගැනීමට බව රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.


මේ අතර ඝාතනයෙන් පසු ඇමරිකාව විසින් දහස් ගණනක අතිරේක බලඇණි මැදපෙරදිග කලාපයේ ස්ථානගත කරමින් සිටියි.

ඉරානය ඊයේ දිනයේ පැවසුවේ තමන් දරුණු ලෙස පළිගැනීමට සූදානම් බවයි.

මරන්න තිබුණෙ කලින්!

‘‘ජනරාල් කාසම් සොලෙයිමානි දහස් ගණනක් ඇමරිකානුවන් මරා දැමීම හෝ දරුණු ලෙස ඔවුන්ට තුවාළ කිරීම සිදුකළා. කාලාන්තරයක් තිස්සේ ඔහු එය කළා පමණක් නොවෙයි, ඉදිරියේදීත් එසේ කරන්නට සැලසුම් සකස් කරමින් සිටියා… ඒත් ඔහු අහුවුණා.. මිලියන ගණනක් මිනිසුන්ගේ ඝාතනවලට ඔහු සෘජුව හෝ වක්‍ර ලෙස සම්බන්ධයි. ඉරානයේදී මරාදැමුණු උද්ඝෝෂකයන් දහස් ගණනකගේත් මරණවලට වග කිව යුත්තේ ඔහුයි. අපිට මේක අවුරුදු ගාණකට කලින් කරන්න තිබුණු දෙයක්!“ ට්‍රම්ප් ජනපතිවරයා එසේ පැවසුවේ ඇමරිකානු කොඩිය ට්වීට් කරමිනි.

ජනරාල් සොලෙයිමානි al-Quds ප්‍රභූ හමුදාවේ නායකයා වූ අතර, කලාපයේ ආරක්ෂක අංශවල ප්‍රධාන සැලසුම්කරුවා ලෙස ද සැලකෙයි. ඊයේ දිනයේ එල්ල වූ ද්‍රෝණ මිසයිල ප්‍රහාරයෙන් ඔහු මෙන්ම ඉරාකයේ ප්‍රබලම Hashed al-Shaab පැරා මිලිටරි භට කණ්ඩයේ නියෝජ්‍ය නායකයා ද ඝාතනයට ලක් විය. මෙම ඝාතන කල් යල් බලා CIA සංවිධානය විසින් ගත් නොවරදින ඉලක්කයක් සේ සැලකේ.

62 හැවිරිදි කාසම් සොලෙයිමානි, ඉරානයේ අයතුල්ලා කොමේනිගෙන් පසු එරට සිටි ප්‍රබලම පුද්ගලයා ය.

ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරයා මේ වන විට කාසම් ගේ මරණය ගැන වහසි බස් දොඩවමින් සිටියි. ඔහු පවසන්නේ මේ ඝාතනය මීට වසර ගණකට පෙර කළ යුතුව තිබූ දෙයක් බවයි. තමන් මේ ඝාතනයට අණ දුන්නේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ට්‍රම්ප් කියා සිටියත්, එයින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැන ඇමරිකානු නායකයා අවබෝධයෙන් සිටියාදැයි සැක සහිත ය.

Cover Photo: Time



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි