×

ඉවානා ට්‍රම්ප් මිය යයි.

ට්‍රම්ප් විසින් "ඇය විශිෂ්ට හා ආනුභාව සම්පන්න ජීවිතයක් ගත කළ අපූරු, රූමත් සහ විස්මිත කාන්තාවක්," බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය තුළ සටහන් කර තිබේ.


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ වන ඉවානා ට්‍රම්ප් මිය ගොස් තිබේ. මිය යන විට ඇය 73වන වියේ පසු විය.

මරණයට හේතුව අනාවරණය නොවන අතර එය අහම්බයන් බව පොලීසිය පවසයි. ට්‍රම්ප් මහත්මිය නිව් යෝර්ක් නගරයේ ඇගේ නිවසේ පඩිපෙළක් අසල සිහිසුන්ව සිටියදී සොයා ගත් අතර ඇය සිහසුන්ව ඇද වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

වත්මන් චෙක් ජනරජයේ උපත ලද ට්‍රම්ප් මහත්මිය 1977 දී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවිහ වූ අතර එය ඇයගේ දෙවන කසාදය විය.

ඔවුන් වසර 15 කට පසුව 1992 දී දික්කසාද වූ අතර ඔහුනගේ දරුවන් තිදෙනාගේ වගකීම දැරුවේ ට්‍රම්ප් මහත්මියයි. දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාකාරකම් හා සංචාරයන් ආදිය පිළිබඳ තීන්දු තීරණ ගනු ලැබුවේ ඇය බව කියැවේ. ට්‍රම්ප්ගේ දරුවන් තිදෙනා ඇයව හඳුන්වා තිබුණේ “ව්‍යාපාරයන්හි ශක්තියක්, ලෝක මට්ටමේ ක්‍රීඩිකාවක්, දීප්තිමත් සුන්දරියක් සහ සැලකිලිමත් මවක් සහ මිතුරියක්” වශයෙනි.

ඇය වෘත්තීයෙන් මෝස්තර නිරූපිකාවක්, කළමණාකාරවරියක් , ව්‍යාපාරිකාවක් වූවාය. එමෙන්ම දක්ෂ හිම මත ලිස්සායන ක්‍රීඩිකාවක්ද විය. ඇගේ වියෝවත් සමඟ ට්‍රම්ප් විසින් “ඇය විශිෂ්ට හා ආනුභාව සම්පන්න ජීවිතයක් ගත කළ අපූරු, රූමත් සහ විස්මිත කාන්තාවක්,” බව සිය සමාජ මාධ්‍ය තුළ සටහන් කර තිබිණි.

 

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි