×

ඊජිප්තුවේ බළල් මමි සහ කුරුමිණි මමි

වසර 6000ක් පැරණි බළල් මමී දුසිමක් ඊජිප්තුවෙන්


වසර 6000කට වඩා පැරණි බළල් මමී දුසිමක් සහ මමීකරණය කරන ලද කුරුමිණියන් ඊජිප්තුවෙන් සොයා ගෙන ඇත. මෛතක් සොයා ගෙන තිබූ මිනිස් හා සුනඛ මමී වලට මෙම බළල් සහ කුරුමිණී මම සොයා ගැනීමට හැකිව තිබේ. දකුණු කයිරෝවේ සකාරා පිරමීඩ සංකීරණෙයන් මෙම මමී හමුවී තිබේ. පසුගිය අප්‍රේල් මස ඊජිප්තු ඉතිහිසඥයන් පිරිසක් විසින් ආරම්භ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම සොයා ගැනීම සිදු කර ඇත.

මෙහිදී නවතම සොහොන් කොත් තුනක් සොයාගෙන ඇති අතර ඉන් තුනක් කර තිබුණේ බළලු‍න් වෙනුවෙනි. ගලින් තැබූ තවත් මංජුස්සා 4ක් මේ සමග සොයාගෙන ඇත.

මෙම සොහෝන් පස්වන ඊජිප්තු රාජවංශයට අයත් යැයි සැළෙන අතර ඒවා මෛතක් කිසිවෙකුගේ පරීක්ෂණ වලට භාජනය නොවූ අසාමාන්‍ය සොහෝන් කොත් ලෙස හ්‍ඳුනාගෙන ඇත.

හුණු ගලින් තැණූ ගල් මංජුස්සා තුළ මෙම මමී තැන්පත් කර තිබූ බව ඊජිප්තු පුරාවස්තු කවුන්සිලය පවසයි. එම මංජුස්සා පියන් මත කළු පැහැයෙන් වර්ණ කළ කුරුමිණියන් ගේ රූප සටහන් සිතුවම් කර තිබී ඇත.
මෛස් කුරුමිනියන් මමී ලෙස තැන්පත් කර තිබීම ඉතා දුරුලභ සොයා ගැනීමක් බවද ඔවුන් පවසයි.

මෙහි බළලු‍න් තැන්පත් කළ මමී ලීයෙන් සැදූ 100ක පමණ ප්‍රමාණයක් විය. ඉන් එකක් ලොකඩ වලින් නිර්මාණය කර තිබූ අතර එය දේවත්වෙයන් සැළකූ බළලා වෙනුවෙන් නිර්මාණය කළ එකක් බව අනුමාන කරයි. එමෙන්ම මෙම සකාරා පුරාවිද්‍යා භූමිය තුළ තිබූ සිංහ, ගව ,කිඹුල්, නාගයන් ආදී ලීයෙන් කළ මමී සොයා ගෙන ඇත.
ඊජිප්තු ඉතිහාසෙය් බළලන්ට සුවිශේෂී තැනක් හිමිව තිබූ අතර ආගමික පූජාවක් ලෙස බළල් මමීකරණය සිදුව ඇතැයි විශ්වාස කෛර්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි