×

ඊලෝන් මස්ක් ට්විටර් සමාගම ඇ.ඩො.බි. 44කට මිලදී ගනි​යි

මෙම අත්කර ගැනී​ම ලෝකයේ අතිශයෙන් බලගතු පොදු සමාජ මාධ්‍ය වේදිකාව​ක් වන 16 හැවිරිදි ට්වීටර් සමාගමේ සුවිශේෂී සංධිස්ථානයකි.


ලොව ප්‍රමුඛ පෙළේ ධනවතුන් ගෙන් එක් අයකු හා ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන ඊලෝන් මස්ක් ට්විටර් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 44 ක මුදලකට අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අප්‍රේල් 01 වන දින වන විට මස්ක් ට්වීටර් සමාග​මේ එක් කොටසකට ඇමරිකානු ඩොලර් 54.20 ක මිලක් පිරිනමා තිබූ අතර, එය ට්විටර් සමාගමේ කොටස් වල අවසාන මිලට සියයට 38 ක වාරිකයක් නියෝජනය කරයි.

සමාගම අත්කර ගැනීමට පෙර මස්ක් එම සමාගමේ සියයට 09 කට අධික ආයෝජනයක් සිදුකර ඇත.

මෙම අත්කර ගැනී​ම ලෝකයේ අතිශයෙන් බලගතු පොදු සමාජ මාධ්‍ය වේදිකාව​ක් වන 16 හැවිරිදි ට්වීටර් සමාගමේ සුවිශේෂී සංධිස්ථානයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි