×

ඊශ්‍රායලය දෙවන වරටත් ලොක්ඩවුන් කළ ලෝකයේ පළමු රට බවට පත් වෙයි – නිවාස තුළ ජනතාව සිරකිරීමට විරෝධය පාමින් නිවාස ඇමති ඉල්ලා අස්වෙයි

කොවිඩ් වසංගතය මැඬලීම සඳහා දෙවන වරටත් මුළු රටම ලොක්ඩවුන් කිරීමත් සමග, ඊශ්‍රායලය එසේ කළ ලෝකයේ පළමු රට බවට පත්විය.


ඒ අනුව මේ සතියේ සිකුරාදා දිනයේ ආරම්භ වන ලොක්ඩවුන් තත්වය, පුරා සති 3 ක් බලපැවැත්වීමට නියමිත ය. යුදෙව් නව අවුරුද්ද ද මේ අනුව නිවාස තුළ සැමරීමට ඊශ්‍රායල් වැසියන්ට සිදුවනු ඇත.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියාහු පැවසුවේ ‘‘මෙම පියවර අපට විශාල බරක් නමුත් මෙය කළ යුතුමයි‘‘ යනුවෙනි.

මේ වන විට ඊශ්‍රායලයෙන් දිනපතා නව ආසාදිතයන් 4000 කට වැඩි පිරිසක් හමුවෙමින් තිබේ.

මේ දක්වා වාර්තා වූ මරණ ගණන 1,108 ක් වන අතර, ආසාදිතයන්ගේ මුළු සංඛයාව 153,000 කි.

නව නීති
මිලියන 9 ක ජනතාවක් ජීවත් වන ඊශ්‍රායලය තුළ ගතවූ සති කිහිපය තුළ නව ආසාදිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දැකගත හැකි විය. නව තත්වය යටතේ,

  • නිවාස තුළ 10 දෙනෙකුට වඩා රැඳී සිටීම තහනම් වන අතර, නිවාසවලින් පිටත 20 දෙනෙකුට වඩා රැස් වී සිටීම තහනම් ය.
  • පාසල් සහ කඩසාප්පු වසා දැමේ.
  • සෑම අයෙක්ම සිය නිවාසවලින් මීටර 500 කට වඩා ඈතට නොයා යුතුය. මෙය අදාළ නොවන්නේ අත්‍යාවශ්‍ය සේවාවන් හි නිරත අය සඳහා පමණි.
  • රාජ්‍ය නොවන කාර්යාල සහ ව්‍යාපාර විවෘතව තැබිය හැකි නමුත් පාරිභෝගිකයන් භාරගැනීමට ඔවුන්ට නොහැකිය.
  • නමුත් සුපිරි වෙළඳ සංකීර්ණ සහ ෆාමසි මහජනතාව සඳහා විවෘත ය.
කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට උද්ධමන තත්වයකට මුහුණ පා සිටින ඊශ්‍රායලයට මෙම දෙවන ලොක්ඩවුන් කිරීම නිසා ෂෙකල් බිලියන 6.5 ක් (ඇ.ඩො. බිලියන 1.88) ක් පාඩුවනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

වැසියන් නිවාස තුළ සිරවීමත් සමග නිවාස ඇමති ඉල්ලා අස්වෙයි

මෙම තීරණය ප්‍රකාශයට පත්වීමත් සමග ඊශ්‍රායල් නිවාස ඇමති ලිට්ස්මාන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේය. යුදෙව්වන්ගේ ප්‍රධානතම ආගමික නිවාඩු දිනය සැමරීමට මෙයින් බාධා වීම පිළිබඳ ඔහු සිය බලවත් අප්‍රසාදය පළ කරයි.

‘‘යුදෙව් ආගමික නිවාඩුව එන තෙක්ම මෙය කරන්නට බලා සිටියාද? පුරවැසියන් සිය දහස් ගණනක් මෙයින් අපහසුතාවයට පත් වෙනවා..‘ යැයි ඔහුගේ ලිපියේ සඳහන් වේ.

Yaakov LitzmanGETTY IMAGES
Yaakov Litzman said the lockdown would prevent Orthodox Jews from being able to celebrate religious festivals

අගමැති බෙන්ජමින් නෙතනියාහු ද මේ වන විට බරපතළ විවේචනයකට ලක් වෙමින් සිටින්නේ, පළමු කොවිඩ් රැල්ල සාර්ථක ව පාලනය කළේ නම් දෙවැනි ලොක්ඩවුන් වීම වළක්වා ගත හැකි බව ට ය.

කෙසේ වෙතත් මේ වනවිට ලෝකයේ රටවල් ගණනාවක් දෙවැනි කොවිඩ් රැල්ලක අවදානමට මුහුණ පා සිටියි. නමුත් එම රටවල ආණ්ඩු, රෝගය පැතිරෙන ප්‍රෙද්ශවල වරණීය ලෙස ලොක්ඩවුන් කිරීම හැර මුළු රටම ලොක්ඩවුන් කිරීමේ අභියෝගය භාරගෙන නැත.

Photo – AFP


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි