×

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන් මිය යයි.

පසුගිය සඳුදා රාත්‍රියේ දී Bassem Saadi අත්අඩංගුවට ගැනීමෙන් පසු ගාසා තීරයේ ප්‍රබලතම සටන්කාමී කණ්ඩායමක් වන පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) විසින් මෙම මෙහෙයුම ක්ෂණික තර්ජනයක් අනුගමනය කළ බව ඊශ්‍රායල අගමැති පැවසීය.PIJ විසින් පෙරලා ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට රොකට් 100කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව වාර්තා වේ.


ඊශ්‍රායලය විසින් එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන සටන්කාමී කණ්ඩායමක අණදෙන නිලධාරියකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකු මියගොස් 55කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පසුගිය සඳුදා රාත්‍රියේ දී Bassem Saadi අත්අඩංගුවට ගැනීමෙන් පසු ගාසා තීරයේ ප්‍රබලතම සටන්කාමී කණ්ඩායමක් වන පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) විසින් මෙම මෙහෙයුම ක්ෂණික තර්ජනයක් අනුගමනය කළ බව ඊශ්‍රායල අගමැති පැවසීය.PIJ විසින් පෙරලා ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට රොකට් 100කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව වාර්තා වේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) කියා සිටියේ සටන්කාමී ස්ථාන ඉලක්ක කර ගනිමින් සිකුරාදා අගභාගයේදී නැවත ප්‍රහාර ආරම්භ කළ බවයි. ඊශ්‍රායල අගමැති යායර් ලපිඩ් පැවසුවේ ඊශ්‍රායලයට එල්ල වූ ක්ෂණික තර්ජනයකට එරෙහිව නිශ්චිත ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.

මියගිය අය අතර ටේසීර් ජබාරි ඇතුළු PIJ සටන්කාමීන් හතර දෙනෙකු සහ පස් හැවිරිදි දැරියක් සිටින බව ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ IDF සටන්කාමීන් 15 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව උපකල්පනය කරන බවයි. PIJ මහලේකම් Ziyad al-Nakhala පැවසුවේ මෙම ආක්‍රමණයට අපි බලවත් ලෙස ප්‍රතිචාර දක්වනු ඇති අතර අපගේ ජනතාව ජයග්‍රහණය කරන සටනක් පවතිනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි