×

‘උකුස්සා‘ (Falcon 9) කක්ෂගත වෙයි

ඉතිහාසයේ පළමු වරට පුද්ගලික අජටාකාශ යානා කාර්ය මණ්ඩලයකින් යුක්ත අජටාකාශයානය මෙයට සුළු මොහොතකට පෙර උඩු ගුවන බලා ඇදී ගියේය.


SpaceX සමාගමට අයත් Falcon 9 වර්ගයේ රොකට්ටුවක් වන මෙය, පුද්ගලික සමාගමක් අජටාකාශ තරණයට එක්වන ප්‍රථම අවස්ථාව ලෙසින් ඉතිහාසයේ ලියැවෙයි.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ කෙනඩි අජටාකාශ මධ්‍යස්ථානයෙන් එය, තැඹිලි පැහැ දුම් වළාවක් සහ කන් බිහිරි කරවන ශබ්දයක් සමගින් වුවත්, සුමට ලෙස ගුවන් ගත වූයේ, පසුගිය බදාදා දින සිදුකිරීමට නියමිත වූ ගුවන් ගත කිරීම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමෙන් පසුව, දෙවන උත්සාහ වශයෙනි.

පැය 19 ක ගමනකින් පසුව අන්තර්ජාතික අජටාකාශ මධ්‍යස්ථානය ( International Space Station) වෙත ළඟා වීමට නියමිත ය.

මෙහි, නාසා ආයතනයේ සේවය කළ ප්‍රවීන අජටාකාශගාමීන් දෙදෙනෙකු වන රොබට් බර්න්කෙන් සහ ඩග්ලස් හර්ලි වෙති.

ඇමරිකාව විසින් 2011 වසරේදී සිය අජටාකාශ වැඩසටහන අවසන් කිරීමෙන් පසුව ඇමරිකානු පොළොවෙන් අජටාකාශය වෙත ඇදී යන, මිනිසුන් සහිත පළමු අභ්‍යවකාශ යානය ලෙස ද මෙය ඉතිහාසගත වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි