×

උතුරු ඉන්දියාවේ ග්ලැසියර් අනතුරකින් 150 ක් අතුරුදන්!

උතුරු ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් දස ‍දෙනෙකු මරණයට පත්ව තවත් පුද්ගලයන් 150 කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව තිබෙනවා.


මෙම අනතුර වාර්තා වන්නේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ චමෝලි දිස්ත්‍රික්කයෙනි.

නන්දා දේවී කඳු පන්තියට අයත් ග්ලැසියරක් ගංගාවක වේල්ලක් ආසන්නයට කඩා වැටී ඇති අතර මේ නිසා අදාල වේල්ලට බරපතල හානි සිදුව තිබෙනවා.

ගංගාවේ ජල විදුලි යෝජනා ක්‍රමයක කම්කරුවන් පිරිසක් අනතුරට ලක්ව තිබේ.

මේ වනවිට ආපදා සහන කණ්ඩායම් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ගංගාවේ වේල්ලට හානි සිදුව තිබීම හේතුවෙන් ගංවතුර තත්වයක්ද ඇතිව තිබෙනවා.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි