×

උතුරු කොරියානු නායකයා මිය ගිහින්! – විදෙස් වාර්තා රැසක් පවසයි.

උතුරු කොරියානු නායකයා මියගොස් ඇති බවටත්, උතුරු කොරියාව ඔහුගේ මරණය වසංකරමින් සිටින බවටත් විදෙස් වාර්තා රැසක් මේ වන විට මත පළ කරමින් සිටියි.


මේ පිළිබඳ අලුත්ම අදහස් දැක්වීම සිදු කරන්නේ පසුගිය සමයේ උතුරු කොරියාව පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවූ විදෙස් විශ්ලේෂකයෙකු සහ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු වන ලින්ඩ්සේ ග්‍රෙහෑම් ය.

ඔහු පවසා සිටින්නේ ‘‘මේ වන විට මියගොස් නොසිටියි නම්, අඩුම වශයෙන් නැවත යථා තත්වයට පත් කළනොහැකි ලෙස ඔහුගේ මොළය මිය ගොස් නැති නම්, තමන් ඒ ගැන මහත් සේ විස්මයට පත් වන බව‘‘ යි.

සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රෙහෑම්

මේ අතර ආසියානු මාධ්‍ය ගණනාවක් විසින් ද ඔහු ‘මියගොස් හෝ බරපතළ ලෙස රෝගී වී සිටින බව‘ නැවත නැවතත් ප්‍රකාශ කරයි.

මේ අතරින් හොංකොං සැටලයිට් ටීවී  මාධ්‍ය ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ෂිනියාන් ෂින්ඩොන්ග් පවසන්නේ ‘‘ඉතාම පැහැදිලි මූලාශ්‍රවලට අනුව 36 හැවිරිදි කිම් ජොන් අන්‘ මිය ගොස් ඇති බවයි.

ඇය සාමාජිකයන් මිලියන 15 ක් සිටින චීනයේ වෙයිබෝ සමාජ ජාලයේ සාමාජිකාවක වන අතර, විදේශ අමාත්‍යවරයාගේ ඥාතියෙකු ද වේ.

කෙසේ නමුත් මීටර 250 ක් දිගැති, කිම් ජොන් අන් ට අයත් බව කියන දුම්රියක් ඔහුගේ නිවාඩු නිකේතනය වන වොන්සන් අසල නවතා තිබූ බවට ද මේ අතර මත පළ වේ. එය දුම්රිය, චන්ද්‍රිකා ඡායාරූපවලට ද හසු වී ඇත.

නමුත් වොන්සෙන් වෙත පැමිණීමට කිම් ජොන් අන් නිතර පාවිච්චි කළ පුද්ගලික ජෙට් යානය පයොන්ගියැන්ග් අගනුවර නතර කර ඇති අයුරු ද ඡායාරූපවලින් දැකගත හැකි විය.

කිම් ජොන් අන් ගේ පුද්ගලික ජෙට් යානය

2014 වසරේදී බලයට පත්වූ පසුව ද උතුරු කොරියානු නායකයා හිටි හැටියේ දින 40 ක් මේ අන්දමින් අතුරුදන්ව සිටියේය. අනතුරුව ඔහු පාදයේ ආබාධයක් සහිතව කිහිලි කරුවකින් ගමන් කරමින් සිටින අයුරු දැකගත හැකි විය.

චීනය විසින් මේ වන විට උතුරු කොරියානු බලධාරීන්ගේ ඉල්ලීම අනුව විශේෂ වෛද්‍ය දූත මණ්ඩලයක් උතුරු කොරියාව වෙත යවා තිබේ. පසුගිය වසරේ චීන නායක ෂී ජින් පින් ද උතුරු කොරියාවේ සංචාරයක නිරත විය.

කිම් ජොන් අන් අවසාන වශයෙන් උතුරු කොරියාවේදී දැකගත හැකි වී තිබෙන්නේ අප්‍රේල් 11 වැනිදා ය.

අවසාන කාලයේ ඔහු අසාමාන්‍ය ලෙස තරබාරු ව සිටියේය.

ඇතැම් වාර්තාවකට අනුව එයට පසුදින, එනම් අප්‍රේල් 12 වැනිදා ඔහු හෘද සැත්කමකට මුහුණ දී ඇති අතර, විශ්වාස කෙරෙන්නේ එහිදී ඇති වූ යම් සංකූලතාවයක් හේතුවෙන් ඔහුගේ ජීවිතය අනතුරට පත් වූ බව ය.

කිම් ජොන් අන්ගේ පියා වූ කිම් ජොන් ඉල් ද මිය ගියේ හෘදයාබාධයක් වැළඳීම නිසා ය. දුම්රියක ගමන් ගනිමින් සිටියදී ඔහු හෘදයාබාධයකට ලක් වූ අතර, ඔහු මිය ගිය බව දැනුම් දුන්නේ එයට දින 2 කට පසුව ය.

කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු මිය ගිය පුවත පිළි නොගනියි.

මේ අතර උතුරු කොරියානු නායකයාගේ අබිරහස් නිහඬවීමත් සමග ඔහුගේ ජීවිතය අළලා අලුත් පොතක් ද ලබන සතියේ එළිදැක්වීමට නියමිත ය. ‘Becoming Kim Jong-un: A Former CIA Officer’s Insights into North Korea’s Enigmatic Young Dictator නමැති, හිටපු CIA නිලධාරියෙකු විසින් රචනා කර ඇති එම ග්‍රන්ථයෙන් යෝජනා කෙරෙන්නේ කිම් ජොන් අන්, තමන්ව උතුරු කොරියාවේ ජෝන් එෆ් කෙනඩි සේ දකින බවයි. ඒ අනුව ඔහුගේ බිරිඳ වන රී සොල්, කෙනඩි බිරිඳ වන ජැකලීන් සේ තබාගැනීමට ඔහු වෙහෙස වන බව ද එහි දැක්වේ.

උතුරු කොරියානු නායකයා සහ ඔහුගේ බිරිඳ

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි සහ ඔහුගේ බිරිඳ

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි