×

උතුරු කොරියානු මිසයිල අත්හදාබැලීම් වලින් පීඩා විඳින ජපානය

මේ වන විට ලෝක දේශපාලන කරලිය තුළ උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම්, තායිවානයට වන චීන බලපෑම් ජපානයට ප්‍රබල තර්ජනයක් වෙමින් ඇත.


උතුරු කොරියාව අවස්ථා කිහිපයකදී කිසිදු පෙර අනතුරු ඇඟවීමකින් තොරව ජපන් දේශසීමාව තුළ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් කිරීම සාමාන්‍ය හැසීරීමක් නොවේ. එය අතිශයින්ම ප්‍රකෝපකාරී සහ භයානක වන අතර ජාත්‍යන්තර හැසිරීම් වල සම්මතයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවකි. එය සාමාන්‍ය ජන ජීවිතයට ප්‍රබල තර්ජනයක් වන අතර ගුවන් යානා සහ නැව් ගමනාගමනයට ද අනිසි බලපෑමකි.


මෙලෙස කිම් ජෝන් උනුගේ මිලීටරි අත්හදා බැලීම් මේ වන විට දකුණු කොරියාව හා ජපානයට බලවත් තර්ජනයක් බවට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පැසිෆික් සාගරයේ සම්පූර්ණ දිගු දුර බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් සාමාන්‍ය තත්වයක් නොවන බවත් උතුරු කොරියාවේ මෙම හිතුවක්කාරී හැසිරීම එක්සත් ජනපදයේ අවධානය දිනා ගැනීමට උත්ස්ස කරන බවත්ය.


ඒ අනුව මෙහි අවසන් දේශපාලන අරමුණ කුමක්ද යන්න පිළිබඳ පවතින්නේ ව්‍යාකූල තත්වයකි.


මේ වන විට ලෝක දේශපාලන කරලිය තුළ උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම්, තායිවානයට වන චීන බලපෑම් ජපානයට ප්‍රබල තර්ජනයක් වෙමින් ඇත. ඒ අනුව ඔවුන් දිගුදුර ප්‍රහාරක ආයුධ වලින් රට සන්නද්ධකර ගැනීමට මේ වන විටත් එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි