×

උතුරු කොරියාවටත් කැසිනෝ ව්‍යාප්ත කළ – හොංකොං හි කැසිනෝ රජා 98 දී සමු ගනියි

‘හොංකොං හි කැසිනෝ රජු‘, ‘සූදුවේ දෙව්පියා‘ වැනි අන්වර්ථ නාමවලින් හැඳින්වූ ස්ටැන්ලි හෝ වයස 98 දී සාමකාමී ලෙස මෙලොව හැර ගියේය.


එවකට කුඩා දුප්පත් ධීවර ගම්මානයක් වූ හොංකොං හි මැකාව් දූපත, ඇමරිකාවේ ලස් වේගස් පවා පරදවා ලෝකයේ කැසිනෝ අගනුවර බවට පත් කර පුරා දශක 5කට අධික කාලයක් තිස්සේ රජෙකු සේ වැජඹීමේ ගෞරවය ඔහුට හිමි වේ.

ලෝකයේ සූදු ව්‍යාපාරයේ අංක එකේ වැජඹුණු ඔහු, ඩොලර් බිලියන 6 ක වත්කමකින් යුක්ත SJM Holdings නමැති ව්‍යාපාර අධිරාජ්‍යය බිහි කළේය. එමගින් චීන ආර්ථිකයට මහා ධනයක් ගලා ඒම සිදුවිය. මේ වන විට එම සමාගමට අයත් කැසිනෝ ශාලා 20 ක් මැකාව් දූපතේ තිබේ.

අවසානයේ හොංකොං හි රෝහලකදී සාමකාමීව අවසන් ගමන් ගියේය.

මිය යන විට ඔහුගේ පුද්ගලික වත්කමද ඇමරිකානු ඩොලර් බිලියන 6.4 ක් විය.

අතීතයේ නොදියුණු පෘතුගීසි කොලනියක්ව පැවති හොංකොං වලට අයත් මැකාව් දූපත සඳහා චීන රජය සමග අරගල කර බලපත්‍රයක් ලබාගත් ඔහු අද වන විට සැලකෙන්නේ ‘දේශප්‍රේමී ව්‍යවසායකයෙකු‘ ලෙස ය.

සිය ව්‍යාපාරය ලාභ පිට ලාභ ලබන විට හොංකොං මේන්ලෑන්ඩ් වෙත ද එය ව්‍යාප්ත කළ ඔහු, එයින් නොනැවතී උතුරු කොරියාවේ සහ පෘතුගාලයේ ද කැසිනෝ පටන් ගත්තේය.

BBC News Chinese විසින් ඔහු මිය ගිය පුවත ගෙන එන්නේ ‘පුරාවෘත්තයක මරණය‘ හෙවත් Death of a legend යනුවෙනි.

‘හොංකොං සහ මැකාව් සම්බන්ධෆයන් ඔහු කළ බලපෑම අධිතක්සේරු කළ නොහැක. අද දිනයේ චීන මාධ්‍ය ඔහුගේ මරණය වෙනුවෙන් වැළපෙන්නේ දේශප්‍රේමී ව්‍යවසායකයෙකු අවසන් ගමන් ගිය බව කියමිනි.‘‘

අතීතයේ මැකාව් සහ හොංකොං අතර ඔහුගේ හෙලිකොප්ටර සහ අධිවේගී ෆෙරී යාත්‍රා ගමන් කරන ආකාරය නිතර දැකගත හැකි විය. පසුව දැකගත හැකි වූයේ හොංකොං-සුහායි-මැකාව් පාලම තැනෙන අන්දමයි. ඔහු මේ භූමිභාගය සම්බන්ධයෙන් කර තිබෙන්නේ සුළුපටු බලපෑමක් නොවේ.

බොහෝ චරිතාපදානවලට ඔහු විෂය විය. ඔහුට බිරියෝ සිව් දෙනෙක් වූහ. දරුවන් 17 දෙනෙක් වූහ. අද වන විට – ඔහුගෙන් පසුව පර්ල් නදී ඩෙල්ටාවේ සාර්ථකත්වය රඳවාගෙන සිටින්නේ ඔවුන් විසිනි. වසර 2012 දී ඔහු සිය පවුලේ අය වෙත ව්‍යාපාරවලට අයිතිය නීතිමය ලෙස පවරා දුන්නේය. පසුගිය වසරේ සිට විශ්‍රාම සුවය විඳින්නට පටන් ගත්තේය.

නටන්නට ප්‍රිය කළ, රූමතියන් පිරිවරාගෙන සිටි මේ කැසිනෝ රජා, සිය නෑ හිතමිතුරන්ට නිතර කියූ එක් කතාවක් විය.

ඒ කතාව, ඔබ දැනගත යුතුම කතාවකි. එය මෙසේ ය.

‘‘කවදාවත් කැසිනෝ ගහන්න එපා!‘‘

FILE : In this file photo taken on July 26, 2009, Macao tycoon Stanley Ho, talks to reporters after the Macau chief executive election in Macao. On Tuesday, May 26, 2020, the family of Stanley Ho, the Macao casino tycoon considered the father of modern gambling in China, has died at 98. (AP Photo/Vincent Yu, File)

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි