×

උද්ධමනය හේතුවෙන් සිම්බාබ්වේ රන් කාසි වලට මාරු වේ

උද්ධමන අනුපාතය පසුගිය මාසයේ 191% දක්වා දෙගුණයකට වඩා වැඩි අගයක් ගනු ලැබීය.


පවතින උද්ධමනය හේතුවෙන් දේශීය මුදල්වල වටිනාකම දුර්වල වීමට සාපේක්ෂව ජූලි මස අගදී නීත්‍යානුකූල රන් කාසි නිකුත් කිරීම ආරම්භ කරන බව එහි මහ බැංකුව පවසා තිබේ. මහ බැංකුවේ අධිපති ජෝන් මංගුඩියා පැවසුවේ රන් කාසි වටිනාකම් එමඟින් ඇමරිකානු ඩොලර් සඳහා ඇති ඉල්ලුම අඩු කරනු ඇති බවයි. රොයිටර් පුවත් සේවයට අනුව, මෙම කාසිවල රත්‍රන් ට්‍රෝයි අවුන්සයක් අඩංගු වන අතර ඒවා ෆිඩලිටි ගෝල්ඩ් පිරිපහදුව, ඕරෙක්ස් සහ දේශීය බැංකු විසින් අලෙවි කරනු ඇත.

උද්ධමන අනුපාතය පසුගිය මාසයේ 191% දක්වා දෙගුණයකට වඩා වැඩි අගයක් ගනු ලැබීය.

2008 දී – ඩොලර් බිලියන 100 ක නෝට්ටුවක් සංසරණය වූ වර්ෂය – සිම්බාබ්වේ ඩොලරය කඩා වැටීමෙන් සිම්බාබ්වේ වැසියන්ට විශ්‍රාම වැටුප් ඇතුළු ඉතිරි කිරීම් අහිමි විය.එකල බොහෝ සිම්බාබ්වේ වැසියන් බැංකුවට යනවා වෙනුවට තම නිවෙස්වල හෝ ඇඳන් යට මුදල් තබා ගැනීමට තීරණය කළේය.  2009 වන විට විදේශ මුදල්, බොහෝ දුරට එක්සත් ජනපද ඩොලරය භාවිතා කිරීමට තීරණය කළේය. රජය 2019 දී නැවත දේශීය මුදල් හඳුන්වා දුන් නමුත් එහි වටිනාකම නැවතත් සීඝ්‍රයෙන් අඩු වී ඇත.

රන් කාසි පවතින ජාත්‍යන්තර රත්‍රන් මිල සහ නිෂ්පාදන පිරිවැය මත පදනම් වූ මිලකට දේශීය මුදල් සහ එක්සත් ජනපද ඩොලර් සහ අනෙකුත් විදේශ මුදල් වර්ග දෙකෙන්ම මහජනයාට විකිණීමට ඇති බව රජයේ ආරංචි මාර්ග පනසා තිබේ. Mosi-oa-Tunya ලෙස නම් කර ඇති රන් කාසි මුදල් බවට පරිවර්තනය කර දේශීය හා ජාත්‍යන්තරව වෙළඳාම් කළ හැකිය.

“රත්‍රන් මිල අධිකයි. අපෙන් බොහෝ දෙනෙකුට කාසි මිලදී ගැනීමට හැකි වනු ඇතැයි මම නොසිතමි. බොහෝ අය තම මුදල් නිවසේ තබා ගනු ඇත. මේක ආණ්ඩුවේ තවත් අසාර්ථක පියවරක්.” ලෙස විදේශ මුදල් වෙළෙන්දකු සිය අදහස් දක්වා ඇත. ආර්ථික විද්‍යාඥ Prosper Chitambara පවසන පරිදි උද්ධමනය වැළැක්වීම සඳහා ජාත්‍යන්තරව ආයෝජකයින් විසින් රන් කාසි භාවිතා කරයි.ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ වටිනාකම් ගබඩාවක් ලෙස ක්‍රියා කිරීම පමණක් නොව ශක්‍ය ආයෝජන වත්කමක් ලෙස කටයුතු කිරීමයි. ගෝලීය ආර්ථිකය අවපාතයට ලක් වූ අවස්ථා වලදී රත්‍රන් වල වටිනාකම සෑම විටම වැඩි වෙමින් පවතින බැවින් මෙය සාර්ථක පියවරක් ලෙස විශ්වාස කෙරේ. මේ පිළිබඳ සිම්බාබ්වේ වැසියන්ට නම් ඇත්තේ මිශ්‍ර හැඟීමකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි