×

උබර් වෙනුවට ඕලා

ලෝකයේ විශාලතම Ride-Sharing Firm හෙවත් ටැක්සි සේවා සපයන ආයතනයක් වන ඕලා තිබෙන්නේ ඉන්දියාවේ ය.


ඉන්දියාව තුළ ඕලාට තිබුණු ලොකුම අභියෝගය වුණේ උබර් ටැක්සි සේවයයි. ඇමරිකානු සමාගමක් වන උබර්, පසුගිය සමයේ එංගලන්තය ඇතුලු රටවල් කිහිපයකින් ප්‍රතික්ෂේප වීමත් සමග ඉන්දියානු ඕලාට ජාත්‍යන්තර ඉල්ලුමක් ඇති වෙමින් තිබේ. ඕලා, ඔස්ට්‍රේලියාවට යන්නට අවස්ථාව උදා කර ගෙන තිබෙන්නේ ඒ අනුව ය. සිඩ්නි, මෙල්බන් සහ පර්ත් නගරවලදී ඉක්මනින්ම සක්‍රිය වන්නට සැලසුම් කර ඇති ඕලා ටැක්සි සේවය, එම නගර සඳහා කුලී රථ රියැදුරන් බඳවා ගැනීම ඉක්මනින්ම ආරම්භ කරනු ඇත.

මේ වන විට ඉන්දියානුවන් මිලියන 125 ක් දෙනා එය පාවිච්චි කරන අතර, රටේ නගර 110 ක පමණ එම සේවය ව්‍යාප්තව තිබේ.

සාමාන්‍ය කුලී රථ සේවයක් වන ඕලා ටැක්සි සේවය, ඉතා හොඳ තත්වයේ ජංගම දුරකථන යෙදවුමක් ද පවත්වාගෙන යයි. ඕලා ටැක්සි සේවය 2011 වසරේදී ආරම්භ වුණේ ඉන්දියාවේ බැංගලෝරයෙනි. මේ වන විට ඉන්දියානුවන් මිලියන 125 ක් දෙනා එය පාවිච්චි කරන අතර, රටේ නගර 110 ක පමණ එම සේවය ව්‍යාප්තව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි