×

එක්සත් ජනපදයේ සුපිරි පැසිපන්දු තරුව වසර නවයකට සිරගත වේ.

ලොව හොඳම ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ග්‍රයිනර් පෙබරවාරි මාසයේදී  රුසියාවට පැමිණ ඇත්තේ එක්සත් ජනපදයේ ඕෆ් වාරයේ ක්ලබ් පැසිපන්දු ක්‍රීඩා කිරීම වෙනුවෙනි. ඇගේ නඩුව එක්සත් ජනපදය සහ රුසියාව අතර ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට යටත් විය. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙම දඬුවම හැඳින්වූයේ පිළිගත නොහැකි එකක් වශයෙනි.


ද්විත්ව ඔලිම්පික් ජයග්‍රාහක අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩිකා Brittney Griner මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වී වසර නවයක සිර දඬුවමක් හිමි වී තිබේ. මෙලෙස ඇයට දඬුවම් ලබා දී ඇත්තේ රුසියන් අධිකරණයක් විසිනි. ඇය විසින් අධිකරණයේදී ගංජා තෙල් ළඟ තබාගෙන සිටි බව පිළිගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ලොව හොඳම ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ග්‍රයිනර් පෙබරවාරි මාසයේදී  රුසියාවට පැමිණ ඇත්තේ එක්සත් ජනපදයේ ඕෆ් වාරයේ ක්ලබ් පැසිපන්දු ක්‍රීඩා කිරීම වෙනුවෙනි. ඇගේ නඩුව එක්සත් ජනපදය සහ රුසියාව අතර ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට යටත් විය. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙම දඬුවම හැඳින්වූයේ පිළිගත නොහැකි එකක් වශයෙනි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ රුසියාව විසින් ඕනෑම රටක පුරවැසියෙකු රඳවා තබා ගැනීම විදේශයන්හි සංචාරය කරන, වැඩ කරන සහ ජීවත් වන සෑම කෙනෙකුගේම ආරක්ෂාවට තර්ජනයක් බවයි. මෙම නඩු තීන්දුවත් සමඟ එක්සත් ජනපද මාධ්‍යවල වාර්තා යෝජනා කර තිබුණේ සිරගතව සිටින මර්චන්ට් ඔෆ් ඩෙත් ලෙස හැඳින්වෙන රුසියානු ආයුධ ජාවාරම්කරුවකු වන වික්ටර් බෝට්ග්‍රයිනර් වෙනුවෙන් දෙරට අතර මාරු කරගත යුතු බවයි.
කෙසේ නමුත් ග්‍රයිනර් සම්බන්ධයෙන් එක්සත් ජනපදය විසින් කරන ලද යෝජනා තවමත් රුසියාව පිළිගෙන නොමැත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි