×

එක්සත් ජනපදය පකිස්ථාන සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කරයි

ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකන් හමුදා ඉවත් කිරීමෙන් පසු රට අත්පත් කර ගනු ලැබීය.


එක්සත් ජනපදය විසින් ඉන්දියානු උප මහද්වීපයේ (AQIS) අල්-කයිඩා සාමාජිකයින් තිදෙනෙකු සහ ටෙහ්රීක්-ඊ-තලිබාන් පකිස්ථානයේ (TTP) එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු “ත්‍රස්තවාදීන්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවේ AQIS Osama Mehmood,Atif Yahya Ghouri හා Maruf නව ත්‍රස්තවාදීන් ලෙස නම් කර තිබේ. නම් කරන ලද අයගේ සියලුම දේපල සහ අවශ්‍යතා අවහිර කර ඇති අතර, සියලුම එක්සත් ජනපද පුද්ගලයින්ට ඔවුන් සමඟ කිසිදු ගනුදෙනු කිරීම තහනම් වේ.


එක්සත් රාජධානියේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනය තුරන් කිරීම සඳහා එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවයි.


මේ සම්බන්ධයෙන් ටෙහ්රීක්-ඊ-තලිබාන් පකිස්ථානයේ (TTP) සටන්කාමීන් ප්‍රකාශ කර තිබුණේ ඔවුනට විදේශ න්‍යයපත්‍රයක් නොමැති බවත්, සිය ආගමික සහ ජාතිකවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සටන් කරන බවත්ය.


ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකන් හමුදා ඉවත් කිරීමෙන් පසු රට අත්පත් කර ගත් අතර, ඇමරිකාවේ නිවේදනයෙන් පසුව අණදෙන නිලධාරි ජෙනරාල් මයිකල් කුරිල්ලා පකිස්ථානයේ නව හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් ​​මුනීර් සමඟ දුරකථන සාකච්ඡාවක් පවත්වා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි