×

එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා මිය යයි

මේ පිළිබඳව බයිඩන් ප්‍රකාශ කර තිබුණේ ඇමරිකානු ජනතාවට දැන් යුක්තිය ඉටුවී ඇති බවත්, අපගේ ජාතිය ආරක්ෂා කිරීමෙන් අපි කිසි විටෙකත් නොසැලී සිටින බවත්ය. කොපමණ කාලයක් ගත වුවද, ඔබ කොතැනක සැඟවී සිටියත්, ඔබ ඇමරිකානු ජනතාවට තර්ජනයක් නම්, එක්සත් ජනපදය ඔබව සොයාගෙන ඔබව පිටතට ගෙන යනු ඇති බවයි,


ඇෆ්ගනිස්ථානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කළ බව ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කර ඇත.

මෙලෙස ඔහු මිය ගොස් ඇත්තේ පසුගිය ඉරිදා(31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී CIA සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදීය. මේ පිළිබඳව බයිඩන් ප්‍රකාශ කර තිබුණේ ඇමරිකානු ජනතාවට දැන් යුක්තිය ඉටුවී ඇති බවත්, අපගේ ජාතිය ආරක්ෂා කිරීමෙන් අපි කිසි විටෙකත් නොසැලී සිටින බවත්ය. කොපමණ කාලයක් ගත වුවද, ඔබ කොතැනක සැඟවී සිටියත්, ඔබ ඇමරිකානු ජනතාවට තර්ජනයක් නම්, එක්සත් ජනපදය ඔබව සොයාගෙන ඔබව පිටතට ගෙන යනු ඇති බවයි, බයිඩන් මෙහිදී ප්‍රකාශ කර තිබුණේ.

71ක් හැවිරිදිවියේ පසු වූ අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි 2011 ඔසාමා බින් ලාඩන්ගේ මරණයෙන් පසු සවාහිරි අල්-කයිඩාව භාර ගත්තේය. ඔහු සහ බින් ලාඩන් එක්ව 9/11 ප්‍රහාරය සැලසුම් කර ඇති අතර එහි මෙහෙයුම් මොළය වූයේ සවාරිහිය. 2000 ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපද නාවිකයින් 17 දෙනෙකුට මරු කැඳවමින් ඒඩන්හි යූඑස්එස් කෝල් නාවුක විනාශකාරී නෞකාවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළු අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා ද සවාහිරි විසින් මෙහෙයවා ඇත. ඔහු එක්සත් ජනපදයට වඩාත්ම අවශ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් කෙනෙකි.

ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී කණ්ඩායම නියෝජනය කළ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු වූ සවාහිරි, 2011 මැයි මාසයේදී එක්සත් ජනපද හමුදා විසින් බින් ලාඩන් මරා දැමීමෙන් පසු අල්කයිඩාවේ නායකත්වය භාර ගත්තේය. ඔහු බොහෝවිට හැඳින්වූයේ බින් ලාඩන්ගේ දකුණත් සහ අල්-කයිඩාවේ ප්‍රධාන මතවාදියා ලෙසිනි. එක්සත් ජනපදය ඔහුගේ මරණය ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශ කර ඇත. නව අල්කයිඩා නායකයෙකු බිහිවනු ඇති බවට සැකයක් නැතිමුත්, එක්සත් ජනපදය විසින් බූට් සපත්තු නොමැති වුවද දුර සිට පහර දිය හැකි බව පෙන්වා දී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි