×

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සා නීතියට වැට බඳියි

1973 දි එක්සත් ජනපදයේ කාන්තාවන්ට ගැබ්ගැනීමේ පළමු මාස තුනේදී ගබ්සා කිරීමට පරම අයිතියක් සහ ඉන්පසුවත් ගබ්සාව අවශ්‍යම නම් ඊට සීමිත අයිතිවාසිකමක් හිමි කර දි තිබේ.


එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ස්ත්‍රී දූෂණ හෝ ලිංගික අපයෝජන අවස්ථා වලදී පවා ගැබ්ගෙන සති 15කට පසුව ගබ්සා කිරීම් තහනම් කරන නීතියක් පිළිගැනීමට සූදානමින් පසුවේ.පසුගිය බදාදා එකි නඩුව විභාග කිරීමේදී, ඊට සම්බන්ධ විනිසුරුවන් බහුතරයක් එකි නීතිය තහවුරු කිරීමට සහාය දක්වා ඇත.ගබ්සාවට එරෙහි ක්‍රියාකාරීන් “නූපන් දරුවන් ආරක්ෂා කරන ලෙස” අධිකරණයෙන් ඉල්ලා සිටී.

එසේ නමුත් ගබ්සාව සීමා කළහොත් මාතෘ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවටඑරට විශේෂඥයෝ අනතුරු අඟවා ඇත.මේ නඩුව වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් ගබ්සාව සම්බන්ධයෙන් මීට පෙර ලබාදුන් සුවිශේෂී තීරණ දෙකක් අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව 1973 දි එක්සත් ජනපදයේ කාන්තාවන්ට ගැබ්ගැනීමේ පළමු මාස තුනේදී ගබ්සා කිරීමට පරම අයිතියක් සහ ඉන්පසුවත් ගබ්සාව අවශ්‍යම නම් ඊට සීමිත අයිතිවාසිකමක් හිමි කර දි තිබේ.

එසේම 1992 දී, සති 24 ක් පමණ වන විට, ගබ්සා කිරීමට අපේක්ෂා කරන කාන්තාවන්ට “අනවශ්‍ය පීඩනයක්” පැටවිය නොහැකි බව අධිකරණය තීන්දු කර ඇත.නමුත් ගබ්සාවට එරෙහි උද්ඝෝෂකයින් බලාපොරොත්තු වන්නේ උසාවියේ මෙවර තීන්දුව නිවැරදි තීන්දුවක් බවයි.එක්සත් ජනපදයේ සෞඛ්‍ය පාලන මධ්‍යස්ථානයන්හි වාර්තා වලට අනුව 2019 දී එක්සත් ජනපදයේ ගබ්සා කිරීම් 630,000 ක් පමණ වාර්තා වී ඇත.

එය 2010 වසරට සාපේක්ෂව 18% ක අඩුවීමකි.ගබ්සා කිරීම් වලින් බහුතරයක් විසි හැවිරිදි වියේ පසුවන තරුණියන්ය. 2019 වසරේදි 57% ක් පමණ මෙම වයස් කාණ්ඩයේ පසුවන්නන් වේ.එසේම 2014 සිදුකල සමීක්ෂණයට අනුව ගබ්සා කිරීම් සිදු කරන කාන්තාවනගෙන් හතරෙන් තුනක් එක්සත් ජනපදයේ අඩු ආදායම්ලාභීන් හෝ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින බව සොයාගෙන ඇත.කළු ජාතික ඇමරිකානුවන් ගබ්සා කිරීම් ඉහළම අනුපාතයක් වාර්තා කරයි.

ඒ වයස අවුරුදු 15-44 අතර කාන්තාවන් 1,000 කට 27 ක අනුපාතයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි