×

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ වලට එරෙහිව වීදිබට කොංගෝවේ විරෝධතාකරුවන් පස්දෙනෙක් මරුට

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ , එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් බොහෝ දුරට සාමකාමී ජනකායකට කඳුළු ගෑස් සහ සජීවී උණ්ඩ ප්‍රහාර එල්ල කළ බවත් , දෙදෙනෙකු මිය ගොස් අවම වශයෙන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත්ය.


එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ අකාර්යක්ෂමතාවයට එරෙහිව කොංගෝවේ නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ විරෝධතාවල දෙවන දිනයේදී එනම් ඊයේ (26)දිනයේදී අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් පනස් දෙනෙකු තුවාල ලබා ඇති බව කොංගෝ රජය නිවේදනය කර තිබේ.

කොංගොවේ මේ වන විට සිවිල් සමූල ඝාතන බහුලව සිදුවන අතර  මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී සිටිති. මෙහි සන්නද්ධ කණ්ඩායම් 120කට වඩා සැරිසරයි. මෙවැනි තත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල පවතින අසාර්ථකත්වය හේතුවෙන් ජනතාව සිය විරෝධය ප්‍රකාශ කරන්නට විය.

මෙම විරෝධතාකරුවන් මර්දනය කිරීම පිළිබඳ රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ , එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් බොහෝ දුරට සාමකාමී ජනකායකට කඳුළු ගෑස් සහ සජීවී උණ්ඩ ප්‍රහාර එල්ල කළ බවත් , දෙදෙනෙකු මිය ගොස් අවම වශයෙන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත්ය. මීට අමතරව AFP මාධ්‍යවේදියෙකු ද වාර්තා කර තිබුණේ එක්සත් ජාතීන්ගේ සොල්දාදුවෙකු විරෝධතාකරුවෙකුට වෙඩි තබා මරා දමනු දුටු බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි