×

එක්සත් රාජධානියේ කොවිඩ් මරණ ගණන 15,000 ඉක්මවයි.

අද (18) දින සිදුවූ මරණ 888 ත් සමග එක්සත් රාජධානියේ කොවිඩ් මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබේ. මේ අතරින් 15,464 ක්ම, රෝහල්ගතව සිටියදී මිය ගිය අය ය.


මේ වනවිට එක්සත් රාජධානිය වාර්තා කරන්නේ ලෝකයේ 5 වැනියට ඉහළම මරණ සංඛ්‍යාවයි.

කොවිඩ් පොසිටිව් වූ රෝගීහු 114,217 ක් මේ වන විට එක්සත් රාජධානිය තුළ සිටිති.

මේ අතර එංගලන්ත, අයර්ලන්ත සහ ස්කොට්ලන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ සැබෑ රෝගීන් සංඛ්‍යාව රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට වඩා යම්තරමකින් හෝ ඉහළ වීමට ඉඩ ඇති බවයි.

අද වන විට ලොව පුරා සිදුව තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ එකහමාර ඉක්මවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි