×

එක්සත් රාජධානිය මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටි චීන ඔත්තුකරුවන් තිදෙනෙකු නෙරපා හරියි

එක්සත් රාජධානිය විසින් හොංකොං සහ ෂින්ජියැන්ග් හි මර්දනයන් සම්බන්ධයෙන් බීජිනය විවේචනය කිරීමත්, ආරක්ෂක හේතූන් මත හුආවේ දුරකථන හා අනෙකුත් සේවා සිය දේශීය 5G ජාලයන්ගෙන් තහනම් කිරීමත් ආදී හේතු ගණනාවක් නිසා එක්සත් රාජධානිය හා චීනය අතර සබඳතා වඩ වඩාත් දුරස්ථ භාවයට පත්ව ඇත.


 

එක්සත් රාජධානිය විසින් පසුගිය වසර පුරා මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් එක්සත් රාජධානියේ සේවය කළ චීන ඔත්තුකරුවන් තිදෙනෙකු නෙරපා ඇති බව ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරයි.

ඔවුන් තිදෙනා බීජිංහි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි අංශ නිලධාරීන් බව හදුනාගෙන ඇති බව රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇත.

ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවන් MI5 විසින් අනාවරණය කරගෙන ඇති අතර එතැන් සිට ඔවුන්ට නැවත චීනයට යාමට බල කෙරී ඇත.

චීන ජාතිකයන් තිදෙනාම සදහන් කර ඇත්තේ ඔවුන් විවිධ චීන මාධ්‍ය ආයතන තුනක වැඩ කරන අය බවයි. ඔවුන් පසුගිය මාස 12 තුළ බ්‍රිතාන්‍යයට පැමිණ ඇත.

එක්සත් රාජධානිය විසින් හොංකොං සහ ෂින්ජියැන්ග් හි මර්දනයන් සම්බන්ධයෙන් බීජිනය විවේචනය කිරීමත්, ආරක්ෂක හේතූන් මත හුආවේ දුරකථන හා අනෙකුත් සේවා සිය දේශීය 5G ජාලයන්ගෙන් තහනම් කිරීමත් ආදී හේතු ගණනාවක් නිසා එක්සත් රාජධානිය හා චීනය අතර සබඳතා වඩ වඩාත් දුරස්ථ භාවයට පත්ව ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍ය නියාමකයින් විසින් චීන ප්‍රවෘත්ති ජාලය වන CGTN හි බලපත්‍රය අවලංගු කරන ලද්දේ එහි රාජ්‍ය අනුග්‍රහය සහිත හිමිකාරීත්ව ව්‍යුහය එක්සත් රාජධානියේ නීතිය කඩ කළ බැවිනි. CGTN ජාලය බොහෝ කලක සිටම චීනය කොමියුනිස්ට් පක්ෂයට ගැතිව කටයුතු කිරීම හේතුවෙන් බොහෝ විවේචන වලට ලක්ව ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි