×

එලෝන් මස්ක් Twitter සමාගමේ CEO තනතුරෙන් ඉවත් වෙයිද?

Twitter සමාජ මාධ්‍ය ජාලය පසුගිය ඔක්තොම්බර් මාසයේදි Elon Musk විසින් ඩොලර් බිලියන 44ක මුදලක්ට මිලදී ගන්නා ලදී. ඉන් අනතුරුව මේ දක්වාම තාක්ෂණික ලොව තුළ පුවත් රාශියක් මවන්නට Elon Musk සහ Twitter සමාගම සමත් වු බවට ඔබට මතක ඇති. ඉන් පළමු වැන්න ලෙස මෙලෙස Twitter සමාගම මිලදී ගැනිමත් සමග එහි සේවය කළ Parag Agrawal, Ned Segal, […]


Twitter සමාජ මාධ්‍ය ජාලය පසුගිය ඔක්තොම්බර් මාසයේදි Elon Musk විසින් ඩොලර් බිලියන 44ක මුදලක්ට මිලදී ගන්නා ලදී. ඉන් අනතුරුව මේ දක්වාම තාක්ෂණික ලොව තුළ පුවත් රාශියක් මවන්නට Elon Musk සහ Twitter සමාගම සමත් වු බවට ඔබට මතක ඇති.

ඉන් පළමු වැන්න ලෙස මෙලෙස Twitter සමාගම මිලදී ගැනිමත් සමග එහි සේවය කළ Parag Agrawal, Ned Segal, Vijaya Gadde සහ Sean Edgett වැනි විධායක ශ්‍රේණියේ පුද්ගලයින් කිහිපදෙනෙකුව නෙරපා හැරීම දැක්විය හැකියි. මීට අමතරව ඔහු විසින් සමාගමේ සේවක කප්පාදුවක් සිදු කිරීම සදහාත් සැළසුම් කර ඒ බව ⁣සමාගමේ සමහර සේවකයින් සදහා E-mail මාර්ගයෙන් දැනුම් දී ඇති බවත් ඒ සමගම ලොව පුරා තිබෙන Twitter සමාගමේ කාර්යාලවල කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවට ද තොරතුරු වාර්තා විය.

එමෙන්ම ඔහු විසින් මුදල් ගෙවා Twitter Verification Badge එක ලබා දීම ආරම්භ කළ අතර, මේ පිළිබඳ සමාජ මාධ්‍යයන් සියල්ල තුළම විවිධ අදහස් පළ විම සිදු විය. මෙහිදි බොහෝ විචාරයකයින් විසින් දක්වා සිටියේ Twitter සමාජ මාධ්‍යයේ ගුණාත්මකබාවයට මේ හරහා සෘජුව බලපෑම් එල්ල විය හැකි බවයි. එමෙන්ම මෙලෙස මුදලට Twitter Verification ලබා දීමට Twitter සමාගම සුදානම් බවට නිවේදනය කිරීමත් සමග ඇතැම් ජනප්‍රිය පුද්ගලයන් Twitter හැර යාමේ ප්‍රවණතාවක් ද ඇති විය.

කෙසේ වෙතත් මෙලෙස Twitter සමාජ මාධ්‍ය සහ Twitter සමාගම සදහා ඔහු විසින් සිදු කරන ලද වෙනස්කම් පිළිබඳව බොහෝ පාර්ශවයන් තුලින් විවේචන එල්ල වු අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දෙසැම්බර් 19 වන දින Elon Musk විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ සටහක් තබා තිබුණේ ඔහු විසින් Twitter සමාගමේ CEO තනතුරෙන් ඉවත් විය යුතුද යන්න පිළිබඳ විමසින් මත විමසුමක් ( Poll ) සටහන් කර තිබුණි.

දෙසැම්බර් (21) දිනය වන විට ඔහු විසින් Twitter සමාගමේ CEO තනතුරෙන් ඉවත් විය යුතු බවටයි 57% පමණ ප්‍රතිචාර ලැබි තිබුණේ. ඒ අනුව ඔහු විසින් නැවතත් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙන්නේ Twitter සමාගමේ CEO තනතුර ලබා දීමට සුදුසු පුද්ගලයකු ලැබුණු වහාම ඔහු විසින් ඉන් ඉවත් වන බවටත්, ඉන් අනතුරු ඔහු Twitter හි software සහ Servers teams පිළිබඳව පමණක් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවයි.

මෙලස Elon Musk විසින් Twitter සමාගමේ CEO තනතුරෙන් ඉවත් වී වෙනත් ගැලපෙන පුද්ගලයකු සදහා එම තනතුර ලබා දීමට සුදානම් බව දක්වා තිබුණත් මේ දක්වා Twitter සමාගමේ CEO තනතුර ලබා දේද යන්න පිළිබඳ තොරතුරු වාර්තා වි නොමැති වනවා. කෙසේ වෙතත් ඔහුගේ මෙවැනි තීරණ ඉක්මනින් වෙනස් කිරිම් ද මීට පෙර සිදු වි ඇති බැවින් ඔහුගේ මෙම තීරණය ද සමහර විට ඉදිරියේදි වෙනස් විමට ඉඩකඩ ඇත.

SOURCE: NYTIMES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි