×

ඓතිහාසික අශ්ව රථ අනුරුවක් ඉතාලියෙන් හමුවෙයි!

ක්‍රි.ව. 79 දී වෙසුවියස් කන්ද පුපුරා යාමෙන් පොම්පෙයි විනාශ විය. මෙම අශ්ව රථය බිත්ති සහ වහලය කඩා වැටෙන විට යට වි ඇති අතර පුරාවස්තු සොරුන්ගෙන් බේරී තිබේ.


නීතිවිරෝධී කැණීමක් පිළිබඳ සිදුකරනු ලැබූ විමර්ශනයකින් පසු ඉතාලි නේපල්ස් අසල උද්‍යානයෙන් පිටත දි පොම්පෙයි පුරාවිද්‍යා භූමියේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා සාම්ප්‍රදායානුකුල චාරිත්‍රයන්ට භාවිතා කල අශ්ව රථයක අනුරුවක් සොයා ගෙන ඇති බවට විදස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම යකඩ මුලද්‍රව්‍ය සහිත රථය ලෝහ සැරසිලි වලින් යුත් ලී නටබුන් සහිතව පොම්පෙයි නගරයට උතුරින් පිහිටි ජනාවාසය නටබුන් අතර තිබී හමුවි ඇත.

A detail of the decoration of a chariot, with its iron elements, bronze decorations and mineralized wooden remains, that was found in Civita Giuliana, north of Pompeii. Officials at the Pompeii archaeological site near Naples on Saturday, Feb. 27, 2021, announced the first-ever discovery of an intact ceremonial chariot, one of several important discoveries made in the same area outside the park following an investigation into an illegal dig. (Parco Archeologico di Pompei via AP)

මෙම රථය සුවිශේෂි සොයාගැනිමක් බව පුරාවිද්‍යා බලධාරින් සඳහන් කරයි.

ක්‍රි.ව. 79 දී වෙසුවියස් කන්ද පුපුරා යාමෙන් පොම්පෙයි විනාශ විය. මෙම අශ්ව රථය බිත්ති සහ වහලය කඩා වැටෙන විට යට වි ඇති අතර පුරාවස්තු සොරුන්ගෙන් බේරී තිබේ.

දෛනික ජීවිතය ගමන් කටයුතු සදහා සහ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා මීට පෙරත් අශ්ව රථ පොම්පෙයිහි කැනිම්වලින් තිබී හමු වී ඇති අතර, කැණිම් නිලධාරීන් පැවසුවේ මෙම නව සොයාගැනීම පලමුව සොයාගත් ආගමානුකුල අශ්ව රථය බවයි.

පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම රථය උත්සව හා පෙළපාළි සඳහා භාවිතා කර ඇති අතර මනාලියන් ඔවුන්ගේ නව නිවෙස්වලට රැගෙන යාම සඳහා භාවිතා කරන්නක් වූ බවයි. (news.yahoo වෙතින්)

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි