×

ඔක්තෝබර් 17 – දවසේ වැදගත්කම

අද, ඔක්තොම්බර් 17 වැනිදා යි


දුගී බව තුරන් කිරීම සදහා වන අන්තර්ජාතික දිනය යි.

ලොක ප්‍රකට රැප් ගායක එමිනෙම් ගේ උපන්දිනය අද යි.

ලෝකයේ එකම චීන අධිරාජිනිය

690 – වු සේටියන් අධිරාජිනිය චීනයේ zhou රාජවංශය පිහිටුවයි. චීනයේ එකම අධිරාජනිය ලෙස ඉතිහාසගත ව සිටින්නේ වූ සේටියන් ය.

මාර්කෝනි රේඩියෝව දියුණු කරයි

1907 – ගුග්ලිඑල්මෝ මාර්කෝනි විසින් ලොව ප්‍රථම වාණිජ්‍ය අන්තර් අත්ලාන්තික ගුවන් විදුලිය අරඹයි. මේ ග්ලාස් බේ, නෝවා ස්කෝෂියාව, කැනඩාව සහ අයර්ලන්තයේ ක්ලිෆ්ඩන් අතර ය.

Pioneer Institute

ඇල්බට් අයින්ස්ටයින් සරණාතයෙකු ලෙස ජර්මනියට

1933 – නාසි ජර්මනියෙන් දේශපාලන සරණාගතයකු ලෙස ඇල්බර්ට් අයින්ස්ටයින් එක්සත් ජනපදය වෙත පැමිණෙයි. දෙවන ලෝක යුද්ධයේ මහා සතුරා වූ ජර්මනිය පැරදවීම සඳහා ඔහු ඇමරිකාවේදී මැන්හැටන් ව්‍යාපෘතිය සමග සම්බන්ධ විය. පරමාණු බෝම්බ නිපදවීම සිදුකෙරුණේ මැන්හැටන් ව්‍යාපෘතියේ කොටසක් ලෙස ය.

1943 – පෝලන්තයේ නාසි පාලනය – නාසි වධ කදවුරක් වූ සැබිබෝර් වසා දමයි.

1956 – ප්‍රථම වාණිජ්‍ය න්‍යෂ්ටික බල මධ්‍යස්ථානය දෙවැනි එලිසබෙත් රැජිණ විසින් එංගලන්තයේ සෙලෆීල්ඩ් හි දී විවෘත කරනු ලබයි.

තෙරේසා මව්තුමියට නොබෙල් ත්‍යාගය

1979 – තෙරේසා මව්තුමියට නොබෙල් සාම ත්‍යාගය හිමිවෙයි. කල්කටාවේ මුඩුක්කු වල වාසය කළ අන්ත දුගී ජනතාවගේ ජීවිත සැපවත් කිිරීම සඳහා කළ මෙහෙය මෙහිදී පිළිගැනීමට ලක්විය. ඇය ඒ වන විට ලොව ප්‍රකටව සිටියේ ‘මුඩුක්කුවේ දේවතාවිය‘ සහ ‘දයානුකම්පාවේ දේවතාවිය‘ වැනි අන්වර්ථ නම්වලිනි.

සචින් තෙන්දුල්කාර් ක්‍රිකට් ලෝක වාර්තා පොත සොළවයි

2008 – ලොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත් ක්‍රිකට් ක්‍රීඩකයා බවට සචින් තෙන්දුල්කාර් පත්වෙයි. ඔහු මේ බිද හෙලනු ලැබුවේ එතෙක් බ්‍රයන් ලාරා සතුව තිබූ වාර්තාව යි.

 

ජසින්ඩා ආර්ඩෙන් දෙවන වරටත් අගමැතිනිය බවට..

2020 – 53 වැනි පාර්ලිමේන්තුව පත් කර ගැනීමට පවත්වනු ලබන නවසීලන්තයේ මහ මැතිවරණය අද දිනයේ පැවැත්විණි. එහිදී අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් දෙවන වරටත් බලය දිනා ගත්තාය.

New Zealand Prime Minister Jacinda Ardern speaks at the Labour Party election night event as she claims victory in the general election, in Auckland, New Zealand, October 17, 2020. AAP Image/David Rowland via REUTERS ATTENTION EDITORS – THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY. NO RESALES. NO ARCHIVE. AUSTRALIA OUT. NEW ZEALAND OUT

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි