×

ඔක්තෝබර් 19 – දවසේ වැදගත්කම

අද, ඔක්තොම්බර් 19 වැනිදා යි


  • ඇල්බේනියාවේ තෙරේසා මවුතුමිය ගේ දිනය ද අද යි.

1386 – හයිඩල්බර්ග් සරසවිය ජර්මනියේ ප්‍රථම සරසවිය බවට පත්වෙයි. එහි ප්‍රථම දේශනය පැවැත්වයි.

1722 – ප්‍රංශ ජාතිකයකු වන සී. හොප්ෆර් ගිනි නිවන උපකරණයට පේටන්ට් බලපත්‍රයක් ලබා ගනියි.

1781 – බ්‍රිතාන්‍ය හමුදා ජෙනරාල් චාර්ල්ස් කෝන්වැලිස් යටතේ ජෝර්ජ් වොෂින්ටන් සමග යටත් වීමේ ගිවිසුමක් අත්සන් කරයි. මින් ඇමරිකානු විප්ලවීය යුද්ධය නිම වේ.

1943 – ක්ෂය රෝගය සදහා වන ප්‍රථම ප්‍රතිජීවක ප්‍රතිකර්මය වන ස්ට්‍රෙප්ටොමයිසින් පර්‍යේෂකයන් විසින් සොයාගනු ලබයි.

1956 – 1945 අගෝස්තු සිට පැවැති යුධ තත්ත්වයට තිත තබමින් සෝවියට් දේශය සහ ජපානය ඒකාබද්ධ ප්‍රකාශයකට (Soviet–Japanese Joint Declaration of 1956) අත්සන් තබති.

 

Soviet Premier. Nikolai Bulganin. Ichiro Hatoyama.

2003 – දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේ විසින් තෙරේසා මව්තුමිය ශුද්ධවන්ත භාවයට ඔසවනු ලබයි.

2005 – සදාම් හුසේන් නඩු විභාගය ඇරැඹෙයි. 2005 වසරේදී ඇමරිකාවේ සහාය ලබමින් ඉරාකය නව අධිකාරියක් පිහිටුවාගත් අතර, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වෙනුවෙන් සදාම් හුසේන් හට නඩු පවරන්නේ සහ පසුව ඔහු එල්ලා මරා දැමෙන්නේ මේ නඩු විභාගයෙනි. කෙසේ වුවත් සදාම් හුසේන් පාලනය බිඳ වැටීමෙන් පසුව ඉරාකය අස්ථාවර රාජ්‍යයක් බවට පත් විය.

2015 – පෘථිවිය මත ජීවය මීට වසර බිලියන 4.1 කට පෙර ඇති වන්නට ඇතැයි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ සොයා ගනිති. මින් පෙර විශ්වාස කෙරුණේ ඊට වසර මිලියන 300කට පසුව ජීවය ඇතිවන්නට ඇති බවට යි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි