×

ඔක්තෝබර් 25 – දවසේ වැදගත්කම

සුප්‍රකට ගායිකා කේටි පෙරී ගේ උපන් දිනය අද යි


සුප්‍රකට ගායිකා කේටි පෙරී ගේ උපන් දිනය අද යි. ඇමරිකානු ජාතික ගීත රචිකාවක සහ සුපිරි ගායිකාවක වන කේටි පෙරී, ගිනස් වාර්තා 4 ක් ද සමග ලෝකයේ ඉහළම ආදායමක් ලබන පොප් ගායිකාවක් ලෙස කැපී පෙනේ.

1616 – ඕලන්ද පෙරදිග ඉන්දීය සමාගමට අයත් The Eendracht නෞකාව විසින් ඕස්ට්‍රේලියානු දූපතක් වන ඩර්ක් හාර්ටොග් දූපත සොයා ගනියි. මෙය සොයා ගන්නා ලදුයේ ඩර්ක් හාර්ටොග් නමැත්තා විසිනි.

1854 – කුප්‍රකට Charge of the light brigade සිදුවීම සිදුවූයේ අද වැනි දවසක ය. ක්‍රිමියානු යුද්ධයේ බැලක්ලාවා සටනේදී, සිය දෙනකුට අධික පිරිසක් මිය ගියහ. මේ සිදුවීම පසු කාලින ව Charge of the light brigade ලෙස ටෙනිසන් සාමිවරයා විසින් කවියට නැගුවේ ය. සිය ප්‍රධානියාගේ නියෝග අන්ධානුකරණය කරන සොල්දාදුවන්ට යුධ පෙරමුණේදී අත්වන ඉරණම එයින් දැක්වේ.

1932 – ඉතාලියානු ඒකාධිපති බෙනිටෝ මුසෝලිනි එම ධූරයේ වසර 30ක් සිටින බවට සපථ කරයි. මෙය යුරෝපයේ නාසිවාදයේ (ෆැසිස්ට්වාදයේ) තවත් සන්ධිස්ථානයකි.

බෙනීටෝ මුසෝලිනී හිට්ලර් සමග

1940 – බෙන්ජමින් ඕ. ඩේවිස් ජ්‍යේෂ්ඨ එක්සත් ජනපද හමුදාවේ ප්‍රථම අප්‍රිකානු ඇමරිකානු ජෙනරාල්වරයා බවට පත් වෙයි.

1945 – තායිවානයේ ජපාන පාලනය අවසන් ව, ජපන් ජාතිකයන් විසින් එහි පාලනය චීනය වෙත පවරා දෙනු ලබයි.

1971 – තායිවානය ඉවත් කර මහජන චීනය එක්සත් ජාතීන් ගේ සංවිධානයට ඇතුළත් කරගන්නට ඡන්දයක් පැවැත්වෙයි.

1992 – සෝවියට් දේශයෙන් නිවහල් වූවාට පසු එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලිතුවේනියාව ජනමත විචාරණයක් පවත්වයි.

1995 – සුප්‍රසිද්ධ ගායක ක්ලිෆ් රිචර්ඩ්ස් දෙවැනි එලිසබෙත් රැජිණ වෙතින් නයිට් පදවියක් ලබා ගනියි. ඔහු එලෙස නයිට් පදවියක් ලබා ගත් පළමු රොක් තරුව යි. ඔහු ඩයනා කුමරියගේ සමීප මිතුරෙකි.

2001 – මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් XP මුල් වරට භාවිතයට ගැනීමට හැකි වේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි