×

ඔක්ස්ෆර්ඩ් සරසවිය කොවිඩ් වැක්සිනය අත්හදා බැලීම අරඹයි – 2020 සැප්තැම්බර් වන විට පළමු වැක්සිනය වෙළඳපොළට!

බ්‍රිතාන්‍යයේ පළමු මිනිස් වැක්සීන් පරීක්ෂාව ආරම්භ කිරීමට ඔක්ස්ෆර්ඩ් සරසවිය බලාපොරොත්තු වෙයි.


ඒ අනුව ඔවුන් විසින් මෙයට ස්වෙච්ඡාවෙන් සහභාගි වීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

සහභාගි වන අයට මුදල් ගෙවයි

එයට සහභාගි වන අයට සිය කාලය සහ ශ්‍රමය වැය කිරීම වෙනුවෙන් පවුම් 190 සිට පවුම් 625 දක්වා මුදලක් ද ගෙවීමට නියමිත ය.

මෙම කොවිඩ්-19 වැක්සිනය නිර්මාණය කර තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසිනි. හෙට (බ්‍රහස්පතින්දා) දිනයේ පටන් එහි සායනික පරීක්ෂා ආරම්භ වීමට නියමිත ය.

ආණ්ඩුවෙන් පවුම් මිලියන 20 ක්

මේ අතර බ්‍රිතාන්‍ය රජය, මෙම වැක්සිනයේ සායනික පරීක්ෂා සාර්ථක කර ගැනීම සඳහා පවුම් මිලියන 20 ක මූල්‍යාධාර ද ලබා දෙයි. සෞඛ්‍ය ලේකම් මැට් හැනොක් පවසන්නේ ඔක්ස්ෆඩ්ර්ඩ් සරසවියේ විද්‍යාඥයන්ට ලබාදෙන මෙම මූල්‍යාධාරයට අමතරව ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ විද්‍යාඥයන්ට සිය පර්යේෂණ කටයුතු වෙනුවෙන් පවුම් මිලියන 22.5ක් ද ලබාදීමට කටයුතු කරන බවයි.

සෞඛ්‍ය ලේකම් මැට් හැනොක්

සැප්තැම්බර් මාසය වන විට පළමු වැක්සිනය වෙළඳපොළට

මීට පෙර වාර්තාවලින් කියැවුණේ ලෝකයේ පළුම කොවිඩ්-19 වැක්සිනය වෙළඳපොළට නිකුත් කිරීමට මාස 18 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි. නමුත් මහා පරිමාණයෙන් එම පර්යේෂණ හා සායනික කටයුතු සාර්ථක කර ගැනීම මගින් 2020 සැප්තැම්බරය වන විට එය වෙළඳපොළට නිකුත් කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

මේ අනුව වුහාන් වලින් වසංගතය පැතිර යාම ආරම්භ වී මාස 9කට පසු ලෝකයට කොවිඩ් වැක්සිනයක් ලැබීමට නියමිත ය.

මේ වන විට එක්සත් රාජධානියේ 125,000 දෙනෙකුට රෝගය ආසාදනය වී ඇති අතර, අද වන විට 17,339 ක් කොවිඩ් හේතුවෙන් මරණයට ද පත් වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි