×

ඔක්ස්ෆර්ඩ් සරසවිය නිපදවූ වැක්සිනය වඳුරන් සම්බන්ධයෙන් අසාර්ථකයි!

ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් කොවිඩ් වසංගතය දුරලීම සඳහා නිපදවූ වැක්සිනය වඳුරන් සමග අත්හදා බැලීම මේ වන විට අවසන් වී තිබේ.


ඉදිරියේදී එළිදැක්වීමට නියමිත bioRxiv සමාලෝචනයෙහි ද මේ බව සඳහන් වේ.

එහිදී පෙනී ගොස් තිබෙන්නේ කොරෝනා වෛරසය ආසාදනයෙන් වඳුරන් වළක්වා ගැනීමට එය අසමත් වී ඇති බවයි.

නමුත් නියුමෝනියා තත්වය වැළැක්වීමට එය සමත් වී තිබේ.

මෙහිදී නව කොරෝනා වෛරසයේ ආවේණික ද්‍රව්‍ය හෙවත් ඩීඑන්ඒ වල අඩංගු ස්පයික් ප්‍රෝටීනයක් අන්තර්ගත, ඇඩිනො වෛරසයෙන් ආසාදිත වඳුරන් පර්යේෂණය සඳහා යොදා ගැනිණි. චිම්පන්සින් සහ වඳුරන් තුළ ඇඩිනො වෛරසය නිසා සෙම්ප්‍රතිශ්‍යාව හට ගනියි.

මෙම වැක්සිනය, වඳුරන්ගෙන් පසුව මිනිසුන් සමග අත්හදා බැලීමට නියමිත Oxford Vaccine Group හි වැක්සීන 8 න් එකකි. එහි නම ChAdOx1 nCoV-19 ය. රීසස් මැකෝ (rhesus macaque) වඳුරන් මෙම අත්හදා බැලීම සඳහා යොදාගෙන තිබිණි.

ඉන්දියාවේ පූනේ හි පිහිටා තිබෙන Serum Institute එන්නත් නිපදවන සමාගම සමග මැයි මාසය අවසන් වන විට එන්නත් මිලියන 4-5 අතර ප්‍රමාණයක් නිපදවීමට ද ඔක්ස්ෆර්ස් සරසවිය එකඟතාවයකට එළඹී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වැක්සින නිපදවීමේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ හුදෙක් වඳුරන් සමග අත්හදා බැලීමෙන් ලබන දත්ත මත පදනම් ව පමණක් මෙය මනුෂ්‍යයන් කෙරෙහි අත්හදාබැලීම සඳහා තාර්කික පදනමක් ගොඩ නොනැගෙන බවයි.

ඒ අනුව මෙම වැක්සිනය කෙරෙහි මිනිසුන් ට තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

Cover Photo: The Week



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි