×

ඔලිම්පික් අස්සේ සමලිංගිකභීතිකාවට රන්පදක්කම් දිනන ජපානය – සංක්‍රාන්ති සමාජභාවය දේශපාලන පිටියේ විහිලුවක් වෙයි!

මෙවර පළමු විවෘත සංක්‍රාන්ති සමාජභාවී මලල ක්‍රීඩකයාද සහභාගී වන 2021 ගිම්හාන ඔලිම්පික් උළෙල පවත්වන්නට නියමිත ජපානයේ එල්ජීබීටී පුද්ගලයන් හට ඉදිරිපත් කර තිබූ සමානාත්මතා පනත LDP නායකයින් හමුවේ ඉවතට විසිවේ.


ජපානයේ වෙසෙන සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ගේ අයිතිවාසිකම් පිලිබඳව කටයුතු කරන ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ සගයන් විසින් වසර ගණනාවක් මුලුල්ලේ ජාතික පාර්ලිමේන්තුව වන ඩයට් වෙත ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කරන ලෙස බලපෑම් කරමින් ඉල්ලා සිටියි.

ජපානයේ “සමානාත්මතා පනත” එක් යෝජිත නීතියක් වශයෙන් ජපානයේ දේශපාලන පක්ෂ අතර දැඩි සාකච්ඡාවකට ලක්ව ඇත.

පාලක කොන්සර්වේටිව් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) විසින් පසුගිය අප්‍රේල් මාසයේදී නිවේදනය කළේ ජුනි මාසයේදී අවසන් වීමට නියමිත වත්මන් ඩයට් සැසියේදීඑල්ජීබීටී නීතියක් සම්මත කරන බවයි.

නමුත් සති ගනනාවක් තිස්සේ (LDP) විසින් එම නීතිය යටපත් කිරීමට උත්සාහ කරමින් සිටින අතර, ඒ වෙනුවට ඔවුන්ගේම දුර්වල පනතක් ඉදිරිපත් කරමින්, වෙනස්කම් කිරීම් වලින් ආරක්ෂා වීම වෙනුවට, “එල්ජීබීටී” ජනතාව පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීම පමණක් පොරොන්දු වන බව පවසා සිටියි.

මෙම පනත ඉදිරිපත් කිරීමත් සමගම ඒ තුලින් ඉස්මතු වන්නේ ගැඹුරුඑල්ජීබීටී විරෝධී හැඟීම් බව හෙළි වී තිබේ.

සති කිහිපයකට පෙර පැවති රැස්වීමකදී, ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අනන්‍යතාවය අධ්‍යයනය කිරීම සඳහා (LDP) කමිටුවේ උපදේශකයකු වන කොජි ෂිගුචි, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් පිළිබඳ අසත්‍යය තොරතුරු හැඟවෙන අන්දමේ ප්‍රකාශ නිකුත් කර ඇති බවට වාර්තා වේ.

පසුගිය දිනක පැවති රැස්වීමකදී,

එල්ජීබීටී ප්‍රජාව පිලිබඳව ඇති ප්‍රශ්නය පාලනයෙන් තොර බවත්;

ඔවුන් වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හඳුනා ගැනීම යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් “අද පිරිමියෙකු ව සිට හෙට කාන්තාවක්” බවට වෙනස්වීම බවත්;

මෙම සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් සිස්ජෙන්ඩර් කාන්තාවන්ට තර්ජනයක් වී ඇති බවත්

ඔහු ව්‍යාජ ලෙස පවසා ඇත.

තවද එම ප්‍රේක්ශකාගාරයේ සිටි සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකට ඔහු පවසා සිටියේ මෙසේයි;

“ඔබ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු බැවින් ඔබේ හෝමෝන ප්‍රතිකාර රක්ෂණයෙන් ආවරණය කිරීම අවශ්‍ය නොවේ. ඔබ ඉපදුණු ශරීරය සමඟ ජීවත් විය යුතුයි.”

මේ පිලිබඳව මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ (LDP) සාමාජිකයින් මෙම පනතට විරුද්ධ වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි