×

ඔස්ට්‍රේලියාව කොවිඩ් ව්‍යාප්තියේ නව අවධියක – ඩෙල්ටා ප්‍රභේදයෙන් සිඩ්නි හා ඩාවින් නගර ඇතුළු ප්‍රාන්ත හතරක් සම්පූර්ණයෙන් වැසෙයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් 128 දෙනකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් හඳුනා ගෙන තිබේ. 


මෙලෙස එකවර ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් මෙපමණ ප්‍රමාණයක් එරටින් වාර්තා වී ඇති පළමු අවස්ථාව වන අතර සිඩ්නි නුවර හා ඩාවින් නගරය අගුළු දමමින් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය පියවර ගෙන තිබේ.

මේ අතර එරට උතුරු ප්‍රදේශය, ක්වීන්ස්ලන්තය සහ බටහිර ඕස්ට්‍රේලියාව යන ප්‍රදේශවලද එම ආසාදිතයින් සුළුවශයෙන් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

මාස ගණනාවකට පසුවයි රටේ විවිධ ප්‍රදේශවල එකවර මෙලෙස නව ප්‍රභේදයේ ආසාදිතයින් හමුව ඇත්තේ.

ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය පාලනයේදී ඔස්ට්‍රේලියාව නව අවධිකට පිවිස තිබෙන බවද එරට බලධාරීන් පෙන්වාදී තිබේ.

මතුව තිබෙන නවතම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට  අද රාජ්‍ය හා ප්‍රාදේශීය නායකයින් අගමැති ස්කොට් මොරිසන් හමුවීමටද නියමිතයි.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන හෙයින් දැනටමත්  සංචරණ සීමා දැඩි කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙන අතර ඒ අනුව සිඩ්නි නුවර මිලියන 05ක පමණ ජනතාව නිවෙස් වෙත සීමා කරමින්  නිදහස් ප්‍රදේශවල සැරිසැරීම සම්පූර්ණයෙන් වළක්වා ඇති බව සඳහන්.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි