×

ඔස්ලෝහි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

ප්‍රහාරය සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ සභාපති Ursula von der Leyen ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ "අහිංසක මිනිසුන්ට එල්ල වූ දරුණු ප්‍රහාරයෙන් තමන් කම්පනයට පත් වූ බවයි",


සෙනසුරාදා (25) අලුයම නෝර්වේහි ඔස්ලෝ අගනුවර මධ්‍යයේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ 21 දෙනාගෙන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

වෙඩි තැබීමට සම්බන්ධ 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම සහ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇත. මෙය ස්ලාමීය ත්‍රස්ත ක්‍රියාවක් බව පොලීසිය ප්‍රකාශ කොට ඇති අතර තුවක්කුකරු 2015 සිට ආරක්ෂක අංශ විසින් “සැක සහිත රැඩිකල්වාදී ඉස්ලාම්වාදියෙකු” ලෙස හඳුනාගෙන තිබේ. ඔහුට මානසික රෝග පිළිබඳ ඉතිහාසයක් ඇති බව නෝර්වේහි පොලිස් ආරක්ෂක සේවාව ( PST) පවසා තිබේ.

මෙම වෙඩි තැබීම් සිදුව ඇත්තේ ජනප්‍රිය LGBTQ+ ස්ථානයක් වන London Pub, Herr Nilsen jazz club සහ තවත් පබ් එකක සහ ඒ ආසන්නයේය. සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ සැකකරු තම බෑගයෙන් තුවක්කුවක් ගෙන වෙඩි තැබීමට පටන් ගත් බවයි. අපරාධය සිදුවී ටික වේලාවකට අනතුරුව තුවක්කුකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ තිබී ස්වයංක්‍රිය තුවක්කුවක් හා තවත් ආයුධයක් පොලීසිය භාරයට ගත් බව ප්‍රකාශ වේ.

ඔස්ලෝ හි වාර්ෂික සමලිංගික අභිමානවත් පෙළපාලිය සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ අතර එය පොලිස් උපදෙස් මත විධිමත් ලෙස අවලංගු කරන ලදී. එහෙත් එය නොතකා, පසු දින සියගණනක් ජනයා එම ස්ථානයට රැස් වූ බව BBC වාර්තා කරයි. ප්‍රහාරය එල්ල වූ ස්ථානය අසල දේදුනු කොඩි සහ මල් තබා ඇත.

නෝර්වේ රජු වන හැරල්ඩ් රජු මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබුණේ නිදහස, විවිධත්වය සහ එකිනෙකාට ගෞරවය කිරීමට අප නැගී සිටිය යුතු බවයි. ප්‍රහාරය සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ සභාපති Ursula von der Leyen ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “අහිංසක මිනිසුන්ට එල්ල වූ දරුණු ප්‍රහාරයෙන් තමන් කම්පනයට පත් වූ බවයි”,

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි