×

ඕක් ලැව් ගින්නත් සමඟ කැලිෆෝනියාවේ කොටසකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

කාර්මික යුගය ආරම්භයේ සිට ලෝකය දැනටමත් සෙල්සියස් අංශක 1.1 කින් පමණ උණුසුම් වී ඇති අතර ලොව පුරා රජයන් විමෝචනය දැඩි ලෙස කප්පාදු නොකළහොත් උෂ්ණත්වය තව දුරටත් ඉහළ යනු ඇත. ස්වභාවික අපදාවන්ට නිරන්තරව මුහුණ දීමටද සිදු වනු ඇත.


එක්සත් ජනපදයෙහි විශාලතම ලැව් ගින්න මේ වන විට Yosemite ජාතික වනෝද්‍යානය ආසන්නයේ වේගයෙන් පැතිර යමින් තිබේ. මේ හේතුව නිසා කැලිෆෝනියාවේ කොටසකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ගැව් ගිනි පැතිර යාමත් සමඟ 6,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර ගින්න විනාශ වී ඇති නිවාස ගණන 10කි.

ඕක් ලැව් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 400 ක් සහ හෙලිකොප්ටර් යානා හතරක් යොදවා ඇත. මෙම ලැව් ගිනි ඇවිලෙන ස්ථානයේ ඊසාන දෙසින් පිහිටා ඇති Yosemite ජාතික වනෝද්‍යානය, ලොව විශාලතම සහ පැරණිතම sequoia ගස් කිහිපයක නිවහන වේ. එක්සත් ජනපද වන සංරක්ෂණ සේවය සිකුරාදා ප්‍රකාශ කළේ ගස් ආරක්ෂා කිරීම සඳහා හදිසි පියවර ගන්නා බවයි.

පවතින දේශගුණික විපර්යාස ලැව්ගිනි අවුලුවාලීමට ඉඩ ඇති උණුසුම්, වියලි කාලගුණයේ අවදානම වැඩි කරයි. කාර්මික යුගය ආරම්භයේ සිට ලෝකය දැනටමත් සෙල්සියස් අංශක 1.1 කින් පමණ උණුසුම් වී ඇති අතර ලොව පුරා රජයන් විමෝචනය දැඩි ලෙස කප්පාදු නොකළහොත් උෂ්ණත්වය තව දුරටත් ඉහළ යනු ඇත. ස්වභාවික අපදාවන්ට නිරන්තරව මුහුණ දීමටද සිදු වනු ඇත.

සශිකලා මධුෂාණී_

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි