×

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ගෙදර යැවීමට තවත් හේතු කුමටද?

2020 අලුත් අවුරුද්ද උදාවන විට විනාශකාරීව පැතිරී තිබූ ලැව් ගිනි සහ ඒ පිලිබද වගක් නොමැතිව පැවති සිඩ්නි ගිනිකෙළි සංදර්ශන ද, ගින්නෙන් විපතට පත්වූවන් ට සහන සැපයීමට හෝ ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම යන හේතු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියනූ අගමැති ස්කොට් මොරිසන්ගේ ක්‍රියාකලාපය බොහෝ දෙනා හෙළා දැක ඇති කරුණකි.


ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අද (02) කොබාර්ගෝ නගරයට ගිය අවස්ථාවේදී ලැව්ගිනි වලින් පීඩා විඳි පුද්ගලයින් ඔහු කෙරෙහි විරෝධය ප්‍රකාශ කර ඇත.

දේශගුණ විපර්යාස මත හට ගන්නා මෙම ලැව්ගිනි නිසා විශාල ප්‍රදේශයක් විනාශයට පත් වූ අතර පසුගිය සඳුදා ගින්නට හසුවී පියෙකු සහ පුතෙකු මිය ගියේය.

ගින්නෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට ඕස්ට්‍රේලියානු රජය අපොහොසත් වූ බවට පැමිණිලි කරමින් ඔවුහු මොරිසන් වෙත සිය කෝපය ප්‍රකාශ කරමින් මැසිවිලි නැගූහ.

“අගමැතිතුමනි, දැන් මියගිය අය ගැන කුමක් කිව හැකිද? ජීවත් වීමට තැනක් නැති මිනිසුන් ගැන කුමක් කිව හැකිද?” එක් අයෙක් මොරිසන්ගේ මුහුණටම ඇසීය.

ස්කොට් මොරිසන්, වායු විමෝචනය අවම කිරීම සහ නරක අතට හැරෙන ගිනි හටගත් කාලවලදී පරිසරය ආරක්ෂා කිරීම අතර ඇති සම්බන්ධය පිළිගත් නමුත් දැඩි විවේචන නොතකා ඔහුගේ රජයේ වර්තමාන ප්‍රතිපත්ති නිවැරදි සමතුලිතතාවයට පත්ව ඇති බව ප්‍රකාශ කළේය.

දෙසැම්බර් මස 29 වන දිනෙන් පසු පළමු වරට ජනතාව අමතමින් මොරිසන් ප්‍රකාශ කර සිටියේ මිනිසුන්ගේ උද්වේගය තමාට වැටහෙන මුත් සන්සුන් ව සිටිනා ලෙසයි.

මොරිසන් මීට පෙර පවසා තිබුණේ දේශගුණික විපර්යාස සහ ලැව් ගිනි අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එය ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

මොරිසන් අද දින කොබාර්ගෝ හි කළ ප්‍රකාශය පිළිබඳ ට්විටර් ජාලය ගිනිබත් වීමට පටන් ගැණින. විවිධ අන්දමේ විරෝධතාවයන් ඒ ඔස්සේ නිකුත් විය.

Brendan Bradford@1bbradfo

Scott Morrison forcing this woman to shake his hand, then ignoring her and walking away when she tells him she doesn’t want a handshake unless he gives more funding to the RFS, is fucking disgusting – even by his low standards.

Embedded video

2,952 people are talking about this

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් රටේ පුරවැසියන්ගේ පිළිකුලට ලක්ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි