×

ඕස්ට්‍රේලියානු වෙරළින් ලෝකයේ විශාලතම ශාක විශේෂය සොයා ගැනේ!

පෘතුවියේ හඳුනා ගන්නා ලද විශාලතම ශාකය වන මෑන්හැටන් මෙන් තුන් ගුණයක් විශාල මුහුදු තෘණ විශේෂයක් ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් සොයාගෙන ඇත.


බටහිර ඔස්ට්‍රේලියාවේ විශාල වශයෙන් පවත්නා දිය යට තෘණ එකම විශේෂයකට අයත් බව ජාන පරික්ෂාවකට අනුව විද්‍යාඥයන් විසින් තහවුරු කර ඇත. ඔස්ට්‍රේලියාවේ Perth නගරයට උතුරින් කිලෝමීටර් 800ක් (සැතපුම් 497ක්) පමණ දුරින් පිහිටි ෂාක් බොක්කේදී මෙම ශාක විශේෂය හඳුනා ගෙන ඇත. මෙය වෙරළ තීරයේ බහුලව දක්නට ලැබෙන රිබන් වන් පැලෑටියකි. අදින් වසර 4500කට පමණ පෙර එක් බීජයකින් මෙලෙස ව්‍යප්ත වන්නට ඇති බව සැලකේ. මෙම තෘණ විශේෂය කිලෝමීටර් 200ක් (වර්ග සැතපුම් 77ක්) පුරා විහිදී පවතියි. මෙම තෘණ විශේෂය පාපන්දු ක්‍රීඩාංගන 20000 පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිර පවතින බව පර්යේෂකයන් තොරතුරු අනාවරණය කර තිබේ.

පර්යේෂකයන් විසින් මේ සම්බන්ධව ජාන සලකුණු 18,000 ක් පමණ පරීක්ෂා කිරනු ලැබීය. එමඟින් ඔවුන් අපේක්ෂා කළේ මෙම තෘණ බිම තුළ ශාක විශේෂ ප්‍රමාණය ගණනය කිරීමටය.

පිළිතුර අපව අවුල් කළා. එකක් පමණයි. යන්න මෙම ගවේෂණයේ සාමාජික Jane Edgeloe අදහස් දකිවා ඇත.

“එය සැබවින්ම ඔරොත්තු දෙන බව පෙනේ, පුළුල් පරාසයක උෂ්ණත්වයන් සහ ලවණතාවන් සහ අධික ආලෝක තත්ත්වයන් අත්විඳින අතර, එය බොහෝ ශාක සඳහා සාමාන්‍යයෙන් දැඩි ආතතියක් ඇති කරයි” යනුවෙන් පර්යේෂකයන්ගෙන් එක් අයෙකු වන ආචාර්ය එලිසබෙත් සින්ක්ලෙයාර් පැවසීය.

මෙම තෘණ විශේෂය වසරකට සෙන්ටිමීටර 35 (අඟල් 13.7) පමණ ස්වභාවිකව තණකොළයක් මෙන් වර්ධනය වේ.

ඒ අනුව පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත්තේ වර්තමාන ප්‍රමාණයට පැතිරීමට වසර 4,500 ක් ගත වී ඇති බවයි.
මෙම පර්යේෂණය ප්‍රොසීඩිංස් ඔෆ් ද රෝයල් සොසයිටි බී සඟරාවේ පළ කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි