×

ඕස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය නිසා සිදු වූ පළමු මරණය වාර්තා වෙයි!

ඔහු කොවිඩ් ප්‍රතිශත්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.


ඕස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වී තිබෙනවා. මියගොස් තිබෙන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 80 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොවිඩ් ප්‍රතිශත්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය සිය ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා QR කේත භාවිතය අනිවාර්ය කිරීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව සාප්පු සංකීර්ණ ඇතුළු පොදු ස්ථාන සඳහා ඇතුළුවීමේදී QR කේතය භාවිතා කිරීම අද සිට අනිවාර්ය වේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි