×

ඕස්ට්‍රේලියාවේ ධාරානිපාත වර්ෂාවන් නිසා හටගත් ගංවතුරෙන් 18,000 කට පීඩා

ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිර වෙරළ තීරයට තද වැසි ඇද හැලීම හේතුවෙන් නිව් සවුත් වේල්ස් හි ඕස්ට්‍රේලියානුවන් 18,000 ක් පමණ දෙනා ගංවතුරෙන් පිඩාවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.


එමෙන්ම ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිඩ්නි අගනුවර සහ ගිනිකොනදිග ක්වීන්ස්ලන්තය අවට ගංගා සහ වේලි පිටාර ගැලීම සිදු ව තිබේ.

පීඩාවට පත් වූවන්ට අගමැති ස්කොට් මොරිසන් සහන අරමුදල් මේ වන විට නිකුත් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ මිලියන 25 ක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වාසය කරන මෙම පළාතේ පසුගිය කාල සිමාවන් තුළදිම විවිධ ලැව් ගිනි හේතුවෙන් දැඩි පීඩාවට පත් වූ පළාතකි.

ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය පවසා ඇත්තේ සමහර ප්‍රදේශවල මිලිමීටර් 900 ක් දක්වා වූ අසාමාන්‍ය වර්ෂාපතනයක් ඇද හැලුණු බවයි.

සිඩ්නි හි ප්‍රධාන ජල මූලාශ්‍රය වන වරගම්බා වේල්ල වසර පහකට පසු පළමු වරටට වාන් දැමීමට පටන් ගෙන තිබේ.

එරට බලධාරීන් පැවසුවේ එය දිනකට ගිගාලීටර් 500 ක් පමණ වාන් දමන බවයි.

ගුවන් ධාවන පථය ජලයෙන් යටවීමෙන් පසු සිඩ්නි නුවර සිට කි.මී. 17 ක් (සැතපුම් 72 ක්) උතුරින් පිහිටි නිව්කාසල් ගුවන්තොටුපලේ ගුවන් ගමන් මේ වන විට අත්හිටුවා තිබේ.

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි