×

ඕසෝන් වියන සුව අතට

වසර 2050 පමණ වන විට යථා තත්වයට පත්වනු ඇති බව විශ්වාස කෙරෙයි.


ලොවක් එක්වූ කල ඕනෑම විශාල ගැටලුවකට පිළිතුරු සෙවිය හැකියි. එය විසදා ගත හැකියි. එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් පවසනුයේ 2060 වන විට ඕසෝන් වියන යතා තත්වයට පත්කරගත හැකි බවයි. මෙය ලොව සියලු දෙනාගේ කැපවීමේ ප්‍රතිඵලයක් බවද එය අවධාරනය කර සිටියි.

දශකයකට පමණ ඉහතදී පැනවූ ඕසෝන් වියනට හානි කරවන රසායන ද්‍රව්‍ය වල තහනමත් ලෝවැසියන් ඊට අනුව කටයුතු කිරීමත් නිසා මේ සතුටුදායක පුවත නිකුත් කල හැකි වූ බව එක්සත් ජාතීන්ගේ සමුලුව කියා සිටියේය.

මෙම වාර්තාව සෑම වසර 4කට වරක් නිකුත් වන අතර මෙවර නිකුත් වී ඇත්තේ එහී 5 වන සංශෝධනයයි. එය 1980 සිට අද දක්වා පාරිසරික ගැටලු පිලිබදව විස්තර කරයි. වායුසමීකරණ, ශීතකරණ වැනි උපකරණ වල අඩංගු ක්ලෝරොෆ්ලූරොකාබන්, හය්ඩ්‍රොක්ලෝරොෆ්ලෝරොකාබන් වැනි රසායාන ද්‍රව්‍ය නිසා ඕසෝන් වියන පලුදු වීම සිදුවුණි. මෙම රසායන ද්‍රව්‍යන් වායුගෝලයට ක්ලෝරීන් මුදාහරියි, එම ක්ලෝරීන් අණු ඕසෝන් අණු විඛන්ඩණය කරයි. එමගින් වියනෙහි පලුදු වීම් ඇති වේ. මෙම පලුදු වීම් හරහා පාරජම්බුල හිරුකිරණ පෘතුවිය වෙත පැමිණෙන අතර එමගින් චර්මපිළිකා ඇති වීමේ අවදානමක් ඇතිවේ. මෙම අර්බුදය දැඩි ලෙසම ඇන්ටාර්ටිකා මහද්විපය අවට ගැටලු ඇති කරන්නට විය.

විද්වත්තු මෙම රසායන ද්‍රව්‍යන් අහිතකර බව හදුනාගත් අතර නීති සම්පාදකයන් එඅම රසායන ද්‍රවය භාවිතය අවම කිරීමට පිළියම් යෙදූහ. 1987 දී සිදුවූ මොන්ටියල් සම්මුතිය ඕසෝන් වියන ආරක්ශා කරගැනීම වෙනුවෙන් සිදු වූවකි. නමුත් වසර 30කට පසුවත් මෙම ඕසෝන් සිදුර වර්ධනය වීම අවසන් නොවුණි. නමුත් 2016දී නිකුත් වූ වාර්තාව පෙන්වාදුන්නේ මෙම සිදුර 2000ට වඩා ක්ෂය වී ඇති බවයි.

ආර්ටික් හා සමකයට උතුරින් මධ්‍ය දේශාංශ අවට ඕසෝන් වියන 2030 වන විට යතාතත්වයට පත්වනු ඇති බවත් සමකයට දකුණින් මධ්‍ය දේශාංශ අවට ඕසෝන් වියන 2050 පමණ වන විට යතා තත්වයට පත්වනු ඇති බව විශ්වාස කෙරෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි