×

කංගනා රනාවුත්ට කොරෝනා

හින්දි සිනමාවේ, සම්මානනීය රංගන ශිල්පිනියක වග කංගනා රනාවුත්ට කොරෝනා වයිරසය ආසදනය වී ඇතැයි තහවුරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


මේ සම්බන්ධයෙන් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඇය පැවසූයේ, මේ වනවිට තමන් ස්වයං නිරෝදායනය වෙමින් සිටින බවයි.

ඉකුත් දින කිහිපයේදී ඇගපත වෙහෙසකරබවක් සහ දුබල බවක් දැනෙන්නට වූ බවත්, ඊයේ හිමාචල් ප්‍රදේශයේදී කළ පරීක්ෂණයක ප්‍රතිඵල අද නිකුත් වූ බවත්, ඒ අනුව වයිරසද ආසාදානය වී ඇති බව දැනගත් බවත් ඇය සදහන් කර තිබිණි.

කොරෝනා වයිරසය ඇයට එතරම් දෙයක් නොවන අතර, සුළු කාලයක් පවතින උණ රෝගයක් බවත්, තමා එය පරාජය කර බිදහෙළන බවත් පවසන කංගනා, වයිරසයට තමා මත බලපෑම් කිරීමට ඉඩ නොදෙන ලෙසත්, එය පරාජය කිරීමට එක්වන ලෙසත් සිය ගිණුමේ පළ කළ සටහනින් පොදු ජනයාට පවසා තිබේ.

ඩිල්ෂානි චතුරිකා දාබරේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි