×

කරීෂ් ගෑස් නිධියේ අයිතිය සම්බන්ධයෙන් ඊශ්‍රායල් හා ලෙබනන් ගැටුම (video)

ඊශ්‍රායලය පවසන්නේ මෙම ක්ෂේත්‍රය එක්සත් ජාතීන්ගේ පිළිගත් සුවිශේෂී ආර්ථික කලාපය තුළ පිහිටා ඇති නමුත් ලෙබනනය ද එහි කොටස් වලට හිමිකම් කියා ඇති බවයි.


ඊශ්‍රායලයේ කරීෂ් ගෑස් නිධිය දෙසට ගමන් කළ හිස්බුල්ලා ඩ්‍රෝන යානා තුනක් වෙඩි තබා බිම දැමූ බව ඊශ්‍රායලයේ බලධාරීන් පවසයි. ලෙබනනයේ සිට මෙලෙස දියත් කරන ලද ඩ්‍රෝන යානාවන් ප්‍රහාරක ජෙට් යානා සහ නැව් සවිකර ඇති මිසයිල එකතුවකින් වෙඩි තබා බිම හෙළූ බවයි ඊශ්‍රායල හමුදා නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

හිස්බුල්ලා සංවිධානය විසින් ඩ්‍රෝන යානා දියත් කළ බව තහවුරු කර ඇත. හිස්බුල්ලා සංවිධානය පැවසුවේ ඔත්තු බැලීමේ පියාසැරියක කොටසක් ලෙස ඩ්‍රොන යානා යොමු කළ බවයි.

ඊශ්‍රායලයේ දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Benny Gantz පැවසුවේ ඉස්ලාමීය කණ්ඩායම “ලෙබනන් ජාතියේ ආර්ථිකයට සහ සමෘද්ධියට තීරණාත්මක වන සමුද්‍ර දේශසීමා සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමෙන් ලෙබනනය රාජ්‍යය වළක්වන” බවයි.

කරීෂ් ගෑස් නිධියේ අයිතිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ආතතීන් වැඩි වී මේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වන්නට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. එක්සත් ජනපද බලශක්ති නියෝජිත Amos Hochstein දෙරට අතර පවතින දිගුකාලීන ආරවුල සමථයකට පත් කිරීම සඳහා මැදිහත්ව ඇත. ඊශ්‍රායලය පවසන්නේ මෙම ක්ෂේත්‍රය එක්සත් ජාතීන්ගේ පිළිගත් සුවිශේෂී ආර්ථික කලාපය තුළ පිහිටා ඇති නමුත් ලෙබනනය ද එහි කොටස් වලට හිමිකම් කියා ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි