×

කහ බැනියම්කරුවෝ පැරිසිය වටලති

පිට පිට සිව්වැනි සති අන්තයටත් ඊයේ (8) පැවති උද්ඝෝෂණ සඳහා කහ බැනියම්කරුවන් 125,000 දෙනෙකුට අධික සංඛ්‍යාවක් වීදි බැස සිටියහ.


ප්‍රංශය පුරා පැවති මෙම විරෝධතා හේතුවෙන්, පැරිස් අගනුවර අයිෆල් කුලුන ඇතුළු ප්‍රසිද්ධ සංචාරක ස්ථාන රැසක් වසා දමන්නට සිදුවී තිබිණි. පැරිස් අගනුවරට රැස්ව සිටි විරෝධතාකරුවන් සංඛ්‍යාව 10,000 කට ආසන්න විය.

REUTERS

REUTERS

පොලිසිය උද්ඝෝෂකයන් මර්දනය කිරීම සඳහා කඳුළු ගෑස් සහ රබර් බුලට් යොදාගත්තේය.

ඉන්ධන මිල ඉහළ යාම සහ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව පැවති මෙම විරෝධතා මේ වන විට අගමැති එම්මානුවෙල් මැක්‍රෝන්ට එරෙහි ආණ්ඩු විරෝධී රැල්ලක් දක්වා වර්ධනය වී තිබේ.

ප්‍රංශ අගමැති එඩියුවාඩ් ෆිලිපේ ‘ජාතික සමගිය ඇති කරන ලෙස‘ට විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය. සාමකාමී උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කිරීමට ද ඔහු නැවත වරක් මෙහිදී කැමැත්ත පළ කළේය.

ප්‍රංශය පුරා ගතවූ මාසයක කාලය තුළ විරෝධතාකරුවන්ගේ හැසිරීම පිළිබඳ දළ විස්තරයකි, මේ.

2018 නොවැම්බර් 17 – උද්ඝෝෂකයන් 282,000 – එක් අයෙක් මිය ගියා. 409 ක් තුවාළ ලැබුවා. 73 ක් අත්අඩංගුවට
2018 නොවැම්බර් 24 – උද්ඝෝෂකයන් 166,000 – 84 ක් තුවාළ ලැබුවා. 307ක් අත්අඩංගුවට
2018 දෙසැම්බර් 8 – උද්ඝෝෂකයන් 125,000 – 118 ක් තුවාළ ලැබුවා. 974 ක් අත්අඩංගුවට

ඊයේ පැවති උද්ඝෝෂවලදී තුවාළ ලැබූ සංඛ්‍යාව පිළිබඳ තවම නිවැරදි වාර්තා පළ නොවෙන අතර, 1000 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙර ලිපි-

ප්‍රංශයේ ඉන්ධන බද්ද නිසා 260කට වඩා අත්අඩංගුවේ

කහ බැනියම්කරුවෝ අයිෆල් කුලුන  වසා දමති



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි