×

කළු ජාතිකයා වෙනුවෙන් පෙනී සිටින්නේ ත්‍රස්තවාදී සංවිධානයකි. -ඩොනල්ඩ් ට්‍රම්ප්

නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන්නා වාගේ අරගලය මර්දනය කළ නොහැකි තැන ඔහූ එසේ කියා තිබේ.


නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන්නා වාගේ අරගලය මර්දනය කළ නොහැකි තැන ඔහූ එසේ කියා තිබේ.
ANTIFA සංවිධානය යනු ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන විශාලතම සමාජවාදී දේශපාලන ව්‍යාපාරය වේ. ෆැසිස්ට් විරෝධී සංවිධානයක් වන ANTIFA සංවිධානය එක්සත් ජනපදය තුළ සිදුවන විවිධාකාරයේ වැඩ වර්ජන හා උද්ඝෝෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් වගකිවයුතු බවට චෝදනා ලැබ තිබේ.
වර්ගවාදයට එරෙහිව පෙනීසිටින විප්ලවකරුවන් පහුගියදා ධවල මන්දිරය අසළ උද්‍යානයකට කඩාවැදුනු අතර එනිසා බියට පත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බංකරයක සැඟව සිටියේය.
කැරැල්ල මැඩපැවැත්වූ පසු බංකරයෙන් එළියට ආ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට පවසා ඇත්තේ නිර්භීතව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. ජාතික ආරක්ෂක භටයන් ලවා ඔවුන්ට පහදෙන ලෙසත් වසර දහයකට හිරේ දමන ලෙසත් වැඩිදුර ප්‍රකාශ කර තිබේ.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අනිසි මරණය හේතුවෙන් මිනියාපොලිස් නගරය හා මිනසෝටා ප්‍රාන්තය තුළ හටගත් වර්ගවාදී අරගලයේ සිට ධවල මන්දිරය අසළ උද්‍යානයට විප්ලවකරුවන්ගේ කඩාවැදීම තෙක් වූ සියලු ක්‍රියාකාරකම් මෙහෙයවනු ලැබ ඇත්තේ ANTIFA සංවිධානය බවට ට්‍රම්ප් චෝදනා කරන අතර එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව කියා සිටියි.
ට්‍රම්ප්ගේ දේශපාලන හැසිරීම ගැන දැන් දැන් ඇමෙරිකානු ජනතාවම සිටින්නෙ මහත් පිළිකුළකින්. කොරෝනා වසංගතයට ඔහූගේ රජය මුහුණදුන් ආකාරය ගැන ජනතාවගේ කිසිඳු ප්‍රශංසාවක්නම් නෑ. ඔහූ බොහෝවිට විහිළු සපයමින් කල් ගෙවූ අතර වැඩිමනක් එහි බරපැන දැරුවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් බව රහසක් නොවේ. හොඳම උදාහරණය නිව්යෝක් නුවර කෙරෙහි ඔහූ අනුගමනය කළ නින්දිත පිළිවෙතයි.
 
ට්‍රම්ප් කවදාවත් ඇමෙරිකාවේ ජනතා සමඟිය බලාපොරොත්තු වූවෙක් නෙවෙයි. කිහිප වරෙකම දේශපාලන විචාරකයන් විසින් ඒ චෝදනාව ඔහූට එල්ල කෙරිණ. ඔහූ සැමවිටම සැළකූයේ ඇමෙරිකාව ක්‍රිස්තියානි ප්‍රොතෙස්තන්ත ලබ්ධිකයන් වෙසෙන රටක් වියයුතු බවටයි. ට්‍රම්ප් ප්‍රිස්බිටේරියන් නිකායික දැඩි ක්‍රිස්තියානි භක්තිකයෙකි.
කළු ජාතිකයෙක් ජනාධිපතිව සිටියද මේ වර්ගවාදී බෙදිල්ල අවසාන කිරීමට අසමත් වූවේයැයි විටෙක හිටපු ජනාධිපති බැරැක් ඔබාමාටද චෝදනා එල්ල කෙරුණු අවස්ථා තිබුණි.
කෙසේ වෙතත් ANTIFA සංවිධානය ට්‍රම්ප්ට අවශ්‍ය පරිදි ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත්කිරීමට ඉඩනොදෙන බව සමාජ ක්‍රියාකාරී වෙනත් සංවිධාන හා සිවිල් වැසියන් එක හෙලා කියා සිටී.
ANTIFA සංවිධානයේ නායකයන් ප්‍රසිද්ධියේ පෙනී සිටීම වර්ජනය කර තිබෙන අතර මෙම සංවිධානයේ සාමාජික පිරිස එක්සත් ජනපදයේ මුළු ජනගහණයෙන් 3%ක් හෝ ඊට අඩු බව අනුමානය කර තිබේ.
|චතුර රුවන් වීරක්කොඩි


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි