×

කාන්තා ලිංගික අපයෝජනයට එරෙහිව දහස් සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් වීදිබසී!

රට තුළ කාන්තාවන්ට සිදුවන ලිංගික අපයෝජන හා කාන්තා හිරිහැරවලට විරෝධය දක්වමින් දස දහස් සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් රට පුරා පුරා පෙළපාලි පවත්වයි.


ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කර ගනිමින් මෑතකදී සිදු වූ ලිංගික අතවර චෝදනා රැල්ලක් හේතුවෙන් මෙම තත්වය සඳහා ඔවුන් පෙලඹී තිබේ.

මෙම චෝදනාවලින් එරට කොන්සර්වේටිව් රජය දැඩි අවධානයක් යොමු කර ඇත.

මීට සතියකට පෙර සිට මෙම විරෝධතාවයන් සංවිධානය කරන ලද්දේ එරට නීතිපති ක්‍රිස්ටියන් පෝටර් විසින් 1988 සිදු වූ කාන්තා ලිංගික අපයෝජන චෝදනාවක් සම්බන්ධව සිදුවීමක් හෙළිදරව් කිරිමෙන් අනතුරුවයි.

එසේම හිටපු දේශපාලන උපදේශකවරයකු වන බ්‍රිටනි හිගින්ස්, 2019 දී ඇමති කාර්යාලයකදී අපයෝජනය කිරිම සම්බන්ධව සිදුවීමද මෙසේ මහජන කෝපයට හේතු වී තිබේ.

ලිංගික අපයෝජන චෝදනාවලට රජය දක්වන ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

මෙම විරෝධතා රැලි පසුගිය සඳුදා දහවල් සිට ඕස්ට්‍රේලියාවේ නගර 40 ක් පුරා ප්‍රධාන අගනගර වන කැන්බරා, සිඩ්නි සහ මෙල්බර්න් මෙන්ම කුඩා නගර වලද සිදු විය.

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි