×

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

ප්‍රහාරයේ ස්වභාවය සහ තුවාල ලැබූවන් පිළිබඳ තොරතුරු පසුව ප්‍රකාශයට පත් කරනු ඇත.


ඇෆ්ගන් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක මීට සුළු මෙහොතකට පෙර එල්ල වූ මරාගෙන මැරෙන ජීවිත හානි සිදුව ඇති බව කාබුල්හි පොලීසිය නිවේදනය කර තිබේ.

ආරක්ෂක කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇති අතර, ප්‍රහාරයේ ස්වභාවය සහ තුවාල ලැබූවන් පිළිබඳ තොරතුරු පසුව ප්‍රකාශයට පත් කරනු ඇත.

නගරයට බටහිරින් පිහිටි Dashte Barchi ප්‍රදේශයේ Kaaj අධ්‍යාපන මධ්‍යස්ථානයේ මෙම පිපිරීම සිදුව ඇති අතර මේ වන තෙක් කිසිදු සංවිධානයක් මෙහි වගකීම භාරගෙන නොමැත. ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අබ්දුල් නෆී ට්විට්හි සටහන් කර තිබුණේ සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සතුරාගේ අමානුෂික කෲරත්වය පෙන්නුම් කරන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි