×

කාබුල් නුවර ඇද වැටීම 2 – ඇමරිකානු හමුදාව අහසට වෙඩි තියද්දී බ්‍රිතාන්‍ය හමුදාව සටනෙන් ඉවත් වෙයි

විසි වසරකට පසු ‘‘මම තවත් පරම්පරාවක් යුද්දෙට යවන්නෙ නෑ‘‘ යැයි කියමින් ඇමරිකානු හා නේටෝ හමුදාවෙන් වැඩි කොටසක් සිය රට කැඳවා ගත් ජෝ බයිඩන් ඇමරිකානු බල ඇණි කිහිපයක් නැවත ඇෆ්ගනිස්ථානයට යවන විට ඇත්තෙන්ම ප්‍රමාද වැඩි ය.


ඊයේ සන්ධ්‍යාවේ කාබුල් අගනුවර ජනාධිපති මන්දිරයට ඇතුල් වූ තලෙයිබාන් හමුදාව, ජනපති මන්දිරයේ සුව පහසු අසුන්වල ජයග්‍රාහී ලීලාවෙන් වාඩි වී සිටියහ.

ඇමරිකානු ධජය කාබුල් නුවර පිහිටා තිබූ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉවත් කර තිබෙන්නේ තානාපති කාර්යාලය හරි වේලාවට වසා දැමූ නිසා ය. රහසිගත ලේඛන පවා විනාශ කර දැමිය යුතු බව ඔවුන් තීරණය කළේ මෙයට දින කිහිපයකට පෙර ය.

කාබුල් අගනුවරට සටන්කාමීන් ඇතුල් වන විට ම ජනපති අෂ්රෆ් ගානි රටෙන් පළා යාමත් සමග කාබුල් නුවර ඇද වැටීම නියතියක් බවට පත් විය.

මේ අතර බ්‍රිතාන්‍ය සාම සාධක හමුදාව ඇෆ්ගනිස්ථානයේ තත්වයට මැදිහත් වීම ප්‍රතික්ෂේප කර තිබේ. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා, ඇෆග්නිස්ථානයට අත් වූ මෙම ඉරණම පිළිබඳ හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් හට දෝෂාරෝපණය කරයි. ඇමරිකානු හමුදාව ඉවත් කර ගන්නා බවට දෝහාවල පැවති සාකච්ඡාවලදී තලෙයිබානය සමග ගිවිසුම් ගැසුවේ ට්‍රම්ප් ය.

ඇෆ්ගනිස්ථානය නූතන ලෝකයේ ලොකුම දේශපාලන ඛේදවාචකය අත්විඳිමින් සිටියි. ලෝකයේ පොලිස්කාරයා යැයි විරුදාවලි ලත් ඇමරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ආධාර ඒජන්සි යන කිසිවක්ම මේ වන විට ඇෆ්ගන් ජනතාව සමග නැත.

මේ අතර, ඇෆ්ගනිස්ථානය මේ සා වේගයෙන් තලෙයිබානයට නතු වූයේ කෙසේද යන්න ගැන විවිධ මත පළ වෙමින් තිබේ.

ඊයේ දිනයේ ජාත්‍යන්තර මාධ්‍ය විසින් කාබුල් නුවර ඇද වැටීම හඳුන්වා දී තිබුණේ අකුණු සැරයක වේගයෙන් තලෙයිබානය කාබුල් නුවර ඇතුළු වීම යනුවෙනි.

පහත ඡායාරූපවල දැක්වෙන්නේ කාබුල් නුවර ජනපති මාළිගයට ඇතුළු වූ තලෙයිබාන් සටන්කාමීන් ය.

Taliban fighters take control of Afghan presidential palace after the Afghan President Ashraf Ghani fled the country, in Kabul, Afghanistan, Sunday, Aug. 15, 2021. (AP Photo/Zabi Karimi)

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි