×

කාලගුණ විපර්යාසවලින් බැටකන රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට

කාලගුණික විපර්යාස හේතුවෙන් පීඩාවට පත්වන රටවල් අතරින් ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයට පත්ව ඇති බව ජාත්‍යන්තර වාර්තාවක් පෙන්වා දෙනවා.


2020 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය (2020 Global Climate Risk Index – CRI) විසින් සිදුකළ ශ්‍රේණිගත කිරීම් අනුවයි මෙසේ ශ්‍රී ලංකාව 06 වැනි ස්ථානයට පත්ව තිබෙන්නේ.

2018 වසරේදී සිදු වූ කාලගුණික හා දේශගුණිකව විපත්වල දත්ත ආධාරයෙන් මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත්ව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ ජපානය, පිලිපීනය, ජර්මනිය, මැඩගස්කරය හා ඉන්දියාව යන රටවල්ය.

2018 වසරේදී මෝසම් වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 20 කට පමණ දැඩි බලපෑම් එල්ල වූ අතර හයවැනි ස්ථානයට ශ්‍රේණිගත වීම සඳහා එය ප්‍රමුඛතම හේතුව වී තිබෙනවා.

ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා උපයෝගී කර ගන්නා ප්‍රධාන නිර්ණායක වන්නේ යම් කාලගුණික හෝ දේශගුණික විපතක් හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය හා ආර්ථිකමය හානියයි.

2019 වසරට අදාල ශ්‍රේණිගත කිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ. 2019 වසර පුරා ලෝකයේ රටවල සිදු වූ කාලගුණික විපර්යාස, ස්වභාවික අනතුරු පිළිබඳව තක්සේරු කරමින් සිටී.

CRI ආයතනය පෙන්වා දෙන්නේ දිගින් දිගටම සිදුවන අයහපත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අනාගතයේදී කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන ස්වභාවික අනතුරු තවදුරටත් ඉහළ යා හැකි බවයි. එමනිසා ඉන් වඩාත් බැටකන රටවල් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම ආයතනය අවධාරණය කරනවා.

– UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි