×

කැනඩාවේ කාලගුණික විපර්යාසයන්

පසුගිය අඟහරුවාදා එහි හිම පතනය වූ අතර නගරයේ අයිස් සහිත ගංවතුර තත්වය තවත් නරක අතට පත් කරන්ට විය.වැන්කුවර් පළාත සම්බන්ධ කරන කොකිහල්ලා අධිවේගී මාර්ගයේ කොටසක් ගංවතුරට කඩා වැටී ඇත.


ගත වු වසර සියයක කාල සිමාවක් තුල සිදු වූ දැඩි බලපෑම් කාරි කාලගුණික විපර්යාසය නිසා කැනඩාවේ වැන්කුවර් සහ ඒ අවට මාර්ග සහ දුම්රිය සම්බන්ධතා මේ වන විසන්ධි කර ඇත.දැඩි කුණාටු සහගත තත්වය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

දැඩි ගංවතුර තත්වයෙන් හානියට පත් බටහිර වෙරළ නගරය සම්බන්ධ කරන අධිවේගී මාර්ග දෙකක් මේ වන විට වසා දමා ඇත.පසුගිය සඳුදා ඇති වූ දැවැන්ත කුණාටුව හේතුවෙන් දහස් ගණනකට සිය නිවෙස් හැර යාමට සිදු විය.අධිවේගී මාර්ගයක නායයාමකින් කාන්තාවක් මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.එරට පළාත් ප්‍රවාහන අමාත්‍ය රොබ් ෆ්ලෙමින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ එය “සියවසකට පසු ඇති වූ දරුණුතම කුණාටුව” බවයි. මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය මයික් ෆාර්න්වර්ත් පැවසුවේ මෙම කුණාටුව දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලයක් බවයි.කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයට බල පෑ ජල ගැලීම් හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යට වී ඇත.

වැන්කුවර් සිට සැතපුම් 120ක් පමණ ඊසාන දෙසින් පිහිටි මෙරිට් හි පදිංචිකරුවන් 7,000කට සඳුදා තම නිවෙස්වලින් පිටව යන ලෙස නියෝග කර තිබේ.වැන්කුවර් ප්‍රදේශයේ අනෙක් ප්‍රදේශවලින් මේ වන විට වෙන්ව ඇත.

පසුගිය අඟහරුවාදා එහි හිම පතනය වූ අතර නගරයේ අයිස් සහිත ගංවතුර තත්වය තවත් නරක අතට පත් කරන්ට විය.වැන්කුවර් පළාත සම්බන්ධ කරන කොකිහල්ලා අධිවේගී මාර්ගයේ කොටසක් ගංවතුරට කඩා වැටී ඇත.කැනඩාවේ විශාලතම වැන්කුවර් වරායේ, ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩ නැව්ගත කිරීම නතර කර ඇත. දුම්රිය ප්‍රවේශයන් අත්හිටුවා තිබේ. ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශයේ ඉන්ධන නළ මාර්ග ද අක්‍රිය කර ඇත.කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ පසුගිය ග්‍රීෂ්ම ඍතුවේ වාර්තාගත අධික තාපය හේතුවෙන් පුද්ගලයන් 500කට වැඩි පිරිසක් මිය ගිය අතර, මුළු නගරයම ලැව්ගිනිවලින් බරපලත හානියට ලක් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි