×

කැපිටල් කෝලාහලය ට්‍රම්ප්ගේ ටුවිට් ප්‍රහාරයක් බව විමර්ශනයෙන් අනාවරණය වේ.

කැපිටල් හිල් හෙවත් අමෙරිකානු සෙනෙට් සභාව පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත ට්‍රම්ප්ට එරෙහිව වසරකට ආසන්න කාලයක් විමර්ශනයන් සිදු කරන්නට විය.


2021 ජනවාරි මස 6 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දහස් ගණනක් වූ තම ආධාරකරුවන් අමතා ප්‍රකාශකර සිටියේ මැතිවරණය ප්‍රෝඩාවක් බවයි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට කඩා වැදුණු ට්‍රම්ප්භක්තික මැර පිරිසක් විසින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නට විය. මෙම ප්‍රචණ්ඩකාරී කෝලහාලය නිසා මිය ගිය ගණන 05 කි. එමෙන්ම පොලිස් නිලධාරීන් 100කට අධික පිරිසක් ද තුවාල ලැබීය.

කැපිටල් හිල් හෙවත් අමෙරිකානු සෙනෙට් සභාව පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත ට්‍රම්ප්ට එරෙහිව වසරකට ආසන්න කාලයක් විමර්ශනයන් සිදු කරන්නට විය. ඒ අනුව ට්‍රම්ප් ටුවිට්හි කළ සටහනක් හේතුවෙන් දක්ෂිණාංශික අන්තවාදීන් වොෂින්ටන් වෙත එක්රැස් කළ බව අනාවරණයව තිබේ.

ඒ අනුව ප්‍රාදේශීය වේලාවෙන් 1.42ට පමණ ට්‍රම්ප් ටුවිට්හි සඳහන් කර තිබුණේ සංඛ්‍යාත්මක වශයෙන් 2020 මැතිවරණය පරාජයට පත් විය නොහැක. ජනවාරි 6 වනදා D.C හි විශාල විරෝධතාවයක්. එහි සිටින්න යනුවෙනි. මණ්ඩලය පවසන්නේ මෙම ට්විටර් පණිවිඩය අන්තවාදී කණ්ඩායම් වෙත පැමිණෙන ලෙස කරන ලද සයිරන් ඇමතුම බවයි. මේ වන විට සාමාජිකයින් දෙදෙනෙකු කැපිටල් කෝලාහලයට සම්බන්ධ දුර්ලභ රාජද්‍රෝහී කුමන්ත්‍රණ චෝදනා මත නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින බව කියැවේ. කමිටුව විසින් අනාවරණය කර ඇත්තේ මෙය 2020 මැතිවරණ පරාජයෙන් පසු ට්‍රම්ප් බලය රැක ගැනීමට කරන ලද කුමන්ත්‍රණයක් බවයි.

මෙහිදී ඔහුගේ පුද්ගලික නීතිඥවරයා සහ ඔහුගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් ඇතුළු කණ්ඩායම – ට්‍රම්ප් මහතාට යෝජනා කර තිබුණේ රාජ්‍ය ඡන්ද යන්ත්‍ර අත්පත් කර ගන්නා ලෙස හමුදාවට නියෝග කරන ලෙසයි. මේ පිළිබඳ විවිධ සාකච්ඡා ඇති වූ අතර අවසානයේ ඡන්ද පෙට්ටි අල්ලා ගැනීමේ අදහස ප්‍රතික්ෂේප ව ගිය බවද මෙම කමිටුවේ විමර්ශනයන්ගෙන් අනාවරණයව තිබිණ.
සැබැවින්ම ප්‍රචණ්ඩත්වය අවතක්සේරු කළ නොහැක.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි