×

කැරට් 170ක විශාලතම රෝස දියමන්තිය අප්‍රිකාවෙන් සොයා ගැනේ.

රෝස පැහැති දියමන්තිය ඇන්ගෝලියානු ප්‍රාන්ත දියමන්ති අලෙවි සමාගමක් වන සෝඩියම් විසින් වෙන්දේසි කිරීමට අපේක්ෂා කෙරේ. දියමන්තිය තවමත් පරීක්ෂා කර අගය කරමින් පවතින නිසා එහි වටිනාකම පිළිබඳ ඇස්තමේන්තු කර නොමැත.


කැරට් 170ක් බරැති ලොව විශාලතම දියමන්තිය ඕස්ට්‍රේලියානු පතල් සමාගමක් වන ලුකාපා ඩයමන්ඩ් සමාගමට අනුව අප්‍රිකාවේ ඇන්ගෝලා ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. මෙවැනි දියමන්තියක් හමුවී ඇත්තේ වසර 300කට පසුව බව පැවසේ.
Lulo Rose” ලෙස නම් කර ඇති මෙම දියමන්තිය අප්‍රිකාවේ ඇන්ගෝලාවේ Lunda Norte ප්‍රදේශයේ Lulo ඇල්ලුවියල් දියමන්ති පතලෙන් සොයා ගත් බව සමාගම විසින් බදාදා (28)ප්‍රකාශනයක් නිකුත් කර තිබේ. දියමන්ති නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ කරන ඇමරිකාවේ මැණික් විද්‍යා ආයතනයට අනුව ඇන්ගෝලාවේ පතල් ලොව දියමන්ති නිෂ්පාදකයින් දස දෙනා අතර වේ.

ලුකාපා ඩයමන්ඩ් සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ Stephen Wetherall පවසන පරිදි, දියමන්ති 10,000 න් එකක් පමණක් වර්ණවත් වේ. සෑම දියමන්ති 100 කින් එකක් පමණක් කැරට් 10.8 ට වඩා විශාල වේ. එබැවින් කැරට් 170 රෝස දියමන්තියක් නැවත ලබා ගැනීම යනු අතිශයින්ම දුර්ලභ කරුණකි.

රෝස පැහැති දියමන්තිය ඇන්ගෝලියානු ප්‍රාන්ත දියමන්ති අලෙවි සමාගමක් වන සෝඩියම් විසින් වෙන්දේසි කිරීමට අපේක්ෂා කෙරේ. දියමන්තිය තවමත් පරීක්ෂා කර අගය කරමින් පවතින නිසා එහි වටිනාකම පිළිබඳ ඇස්තමේන්තු කර නොමැත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි