×

කිං ඛාන්ටත් කොරෝනා!

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


පසුගියදා කාර්තික් ආර්යන්, කත්‍රිනා, ආදිත්‍ය රෝයි කපූර් ආදීන්හට කොවිඩ් ආසාධනය ඇති බව තහවුරු වීමත් සමඟ, ශාරුක් ඛාන් ද පරික්ෂාවට ලක් වූ අතර එහිදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය ඇති බව තහවුරුව තිබේ.

කෙසේ වෙතත් ඔහු ප්‍රතිකාර ලබන සිථානයක් පිළිබඳ මේ වන තෙක් කිසිදු තොරතුරු අනාවරණය නොවේ.

ෂාරුක් ඛාන් චිත්‍රපට නිෂ්පාදකයෙක්. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නෙක්. ඉන්දීය ක්‍රිකට් සමාජයක අයිතිකරුවෙකි. ” බාඩ්සා” නැත්නම් ”බොලිවූඩ් සිනමා සක්විති” වශයෙන් කිරුළු දරණ ශාරුක් ඛාන් හට ඉන්දියාව තුළ මෙන්ම ලෝකය පුරා ලක්ෂ ගණනින් රසිකයන් ඇති අතර, ඔවුන් මේ පුවත හේතුවෙන් කම්පනයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කර තිබේ.

දිගු නිහැඬියාවකින් අනතුරුව ලබන වසර තුළ ‘ජවාන් නමින් නව චිත්‍රපටයක් විකාශය වීමට නියමිතව බවත්, එය’ හින්දි, දෙමළ, තෙළිඟු, මලයාලම් සහ කන්නඩ යන භාෂා පහකින් 2023 ජුනි 2 වන දින නිකුත් කෙරෙන බවත්, ශාරුක් ඛාන් INSTAGRAM පුවතක් මඟින් සිය රසිකයන්හට දන්වා තිබේ.

සශිකලා මධුෂාණී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි