×

කිම් ජොන් උන් කෙට්ටුවෙලා – ලෝකය හෙල්ලිලා!

උතුරු කොරියානු ආඥාදායක කිම් ජොන් උන්, සිය අලුත්ම ප්‍රොපගැන්ඩා වැඩසටහනේදී අන් කවරදාටත් වඩා කෙට්ටුවට දිස්වෙයි.


ඔහු පාසල් ළමුන් පිරිසක් අසලින් ගමන් කරන විට සුපුරුදු පරිදි යුවතියෝ ඒ ප්‍රීතිය දරාගත නොහී කෑ ගසමින් සතුටු කඳුළු හෙළති. පිරිමි ළමෝ අත්පොළසන් දෙති.

ඒ සියල්ලටමත් වඩා, මෙවර ඔහුගේ මුහුණේ නිකට පැහැදිලිව පෙනේ. වෙනදා කිටි කිටියේ තදට තිබූ කමිස කොලරය සහ ගෙළ අතර මෙවර සැහැල්ලු හිස් ඉඩක් තිබේ. කමිසය ලිහිල් ලෙස එල්ලා වැටෙයි.

අවම වශයෙන් රාත්තල් 44 ක් පමණ ඔහු විසින් තකහනියේ අඩු කරගෙන තිබේ. පසුගිය වසරේ කියැවුණේ ඔහුගේ බර රාත්තල් 200 ඉක්මවා ඇති බව ය.

37 හැවිරිදි ආඥාදායකයා හිටි හැටියේ මෙතරම් කෘශ සිරුරක් ඇති ‍කෙනෙකු බවට පත් වුණේ කෙසේදැයි දැන් ලෝකයට ප්‍රශ්නයකි.

උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු මෙම රූපරාමු විසින් කිම් ජොන් උන් ගේ ශරීර සෞඛ්‍යය ගැන ඉඟියක් ලබාදෙන්නේද?

ඔහු මෙම ඉදිරිපත් කිරීම කරන්නේ ඔහුගේ ශරීර සෞඛ්‍යය දුර්වල වී ඇති බවටත්, කිසියම් රෝග තත්වයකින් පෙළෙන බවටත් බටහිර මාධ්‍ය විසින් දිගින් දිගටම වාර්තා කරන පසුබිමක් තුළ ය.

මේ, ඔහු ඒ ගොසිප්වලට පිළිතුරු දුන් ක්‍රමය වන්නටත් බැරි නැත.

මේ උතුරු කොරියාවේ තරුණ දිනයේදී ඔහු තරුණ ස්වෙච්ඡා භටයන් පිරිසක් සමග ඡායාරූපයට පෙනී සිටි අන්දම ය.

ඇතැම් වාර්තාවකට අනුව උතුරු කොරියානු නායකයාගේ ස්ථූලතාවයට හේතු වුණේ ඔහු දැඩි සේ චීස් අනුභවයට ඇබ්බැහි වී සිටීමයි. මේ අතර, දැන් සිදුකර තිබෙන්නේ ගෑස්ට්‍රික් බෑන්ඩ් එකක් හෙවත් ආහාර පථය කුඩා කිරීමේ සැත්කමක් කිරීම විය හැකිය.

මේ අතර, තවත් අය කියන්නේ, සම්බාධක මදිවාට කෝවිඩ්-19 වසංගතයෙනුත් පීඩා විඳින උතුරු කොරියාවේ මිනිසුන් මේ වන විට සාගතයෙන් මිය යමින් සිටින නිසා, නායකයාත් ගෑස්ට්‍රික් බෑන්ඩ් එකකින් හෝ පටි තද කරගත්තාට කමක් නැති බව ය.

මේ ඉස්සර..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි