×

කියවිය යුතුම සටහනක් – නව කොරෝනා වෛරසය ගැන සමාජගත මත විමසීමක්

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න


මතය 1: උණුසුම් සහ තෙතමනය සහිත (ආර්ද්‍ර)  තැන්වල කොවිඩ් -19 සම්ප්‍රේෂණය නොවන්නේය.

දැනට ඇති සාක්ෂි අනුව කොවිඩ් – 19 වෛරසය රස්නය මෙන්ම තෙතමනය සහිත දේශගුණයකින් යුත්  ප්‍රදේශ ඇතුළුව ඕනෑම ප්‍රදේශයක සම්ප්‍රේෂණය විය හැකිය. කොවිඩ් – 19 ගැන වාර්තා වෙන ප්‍රදේශයකට ඔබ යන්නේ නම් හෝ ඔබ ජීවත්වන්නේ නම් දේශගුණය සැලකිල්ලට නොගෙන ආරක්ෂක පියවර අරගන්න. කොවිඩ් – 19 න්  එරෙහිව ආරක්ෂා වීම සඳහා හොඳම ක්‍රමයක් වන්නේ නිතර ඔබේ අත් සේදීමයි. මෙසේ කිරීමෙන් ඔබේ අත්වල සිටිය හැකි වෛරස ඉවත් වෙනවා පමණක් නොව, (වෛරස ඉවත් නොකර) ඔබගේ මුඛය සහ නාසය ඇල්ලීමෙන් ආසාදන සිදුවීම වළක්වා ගත හැකිය.

myths about new corona virus සඳහා පින්තුර ප්‍රතිඵල

මතය 2 : උණු ජලය නෑමෙන් කොරෝනා වෛරස රෝගය වළක්වා ගත හැකිය.

උණුදිය ස්නානය කිරීමෙන් ඔබට කොවිඩ් – 19 වැළඳීම වළක්වා ගත නොහැකියි. ඔබගේ ශරීරයේ  උෂ්ණත්ව සාමාන්‍යය සෙන්ටිග්‍රේට් අංශක 36.5 සිට 37 දක්වාය. ඔබ ස්නානය කරන ජලයේ උෂ්ණත්වය නොසලකා එය එලෙස පවතී.  ඇත්තවශයෙන්ම අතිශය රස්නය ඇති ජලයෙන් නෑම සමහරවිට ඔබට හානිකර විය හැක්කේ ඉන් ඔබ පිලිස්සීමට ලක් විය හැකි නිසාය. කොවිඩ් – 19 වෛරස ආරක්ෂා වීමට ඇති හොඳම ක්‍රමයක්වන්නේ නිතර අත් සේදී‍මයි. එසේ කිරීමෙන් ඔබේ අත්වල සිටිය හැකි වෛරස ඉවත් වෙනවා පමණක් නොව ඔබගේ මුඛය සහ නාසය ඇල්ලීමෙන් ආසාදන සිදුවීම වළක්වා ගත හැකිය.

මතය 3 : නව කොරෝනා වෛරසය මදුරුවන් දෂ්ට කිරීමෙන් සම්ප්‍රේෂණය විය හැක.

මදුරුවාගේ මාර්ගයෙන් නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව හැඟවෙන තොරතුරක් හෝ සාක්ෂියක් මේ වනතුරුත් ලැබී නැත. නව කොරෝනා වෛරසය ශ්වසන වෛරසයක් නිසාවෙන් එය පැතිරෙන්නේ මූලිකවම ආසාදිත පුද්ගලයෙකු කහින විට හෝ කිවිසුම් අරින විට හෝ ජනනය වන බිඳිති හෝ කෙළ බිඳිති හෝ නාසයෙන් පිටවන දෑ මගිනි. ඔබට ආරක්ෂාව සපයා ගැනීමට නම් ඇල්කොහොල් (මද්‍යසාර) අඩංගු අත් සෝදනයක් යොදාගෙන හෝ සබන් හා වතුර යොදා ගනිමින් අත් නිතර සේදිය යුතුය. තවද කැස්ස සහ කිවිසුම ඇති අය සමඟ සමීප ඇසුර මගහරින්න.

මතය 3 : දෑත් වියලන උපකරණ නව කොරෝනා වෛරසය විනාශ කර දැමීමේදී ඵලදායි වේ.

නැත. කොවිඩ් – 19 වෛරස විනාශ කිරිමේදී අත් වියලන උපකරණ(hand dryers) ඵලදායි නොවේ. නව කොරෝනා වෛරසයට එරෙහිව ඔබට ආරක්ෂාවීමට නම් ඇල්කොහොල් (මද්‍යසාර) අඩංගු අත් සෝදනයක් හෝ සබන් හා වතුර යොදා ගනිමින් අත් සෝදන්න. ඔබේ අත් පිරිසිදු කර ගැනීමෙන් පසුව කඩදාසි සාලු හෝ උණුසුම් වායු වියලන යොදාගනිමින් මනාව වියළා ගන්න.

මතය 4 : නව කොරෝනා වයිරසයෙන් ආසාදිත පුද්ගලයන් සොයා ගැනීමේදී තාප ස්කෑනර් ඵලදායි ද?

උණ (ශරීර උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි) ඇති පුද්ගලයන් හඳුනා ගැනීමේදී තාප ස්කෑනර්(thermal scanners) ඵලදායිවේ. කෙසේවෙතත්, කොරෝනා වෛරසය හේතුවෙන්  දැනටමත් ආසාදිත ඒත් උණ සෑදී රෝගාතුර නොවූ පුද්ගලයන් හඳුනා ගැනීමට ඒවාට නොහැකිය. මෙයට හේතුව ආසාදනයට පත් වන පුද්ගලයන් රෝගාතුරව උණ වර්ධනය වීම සඳහා, ආසාදනයවී 2ක් 10 ක් අතර කාලයක් ගත වන බැවිනි.

මතය 5 : නිව්මෝනියාවට එරෙහි වැක්සීනය ඔබට නව කොරෝනාවට විරුද්ධව ආරක්ෂාව සපයයි.  

නැත. pneumococcal vaccine සහ Haemophilus influenza type B (Hib) vaccine වැනි නිව්මෝනියාවට එරෙහිව ලබාදෙන වැක්සීන(එන්නත්) නව කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ඔබට සපයන්නේ නැත. මේවා කොවිඩ් – 19ට එරෙහිව සඵල නොවෙතත් ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ශ්වසන රෝග වලට එරෙහි වැක්සීන ඉහලින් නිර්දේශ කෙරේ.

කොවිඩ් – 19 වෛරසය, කෙතරම් අලුත් ද කෙතරම් වෙනස්ද කියතහොත් ඉන් වැළකීම සඳහා ඊටම සුවිශේෂී වැකසීනයක්   අවශ්‍ය වේ.  2019-nCoV ට එරෙහිව වැක්සිනයක් වැඩි දියුණු කිරීම සඳහා (දනටමත්) පර්යේෂණ පැවැත්වෙන අතර ඊට ලෝක සෞඛ්‍ය සංවිධානය සහය දක්වයි.

මතය 6 : සුදුලූනු කෑමෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වළක්වා ගත හැකිවේ.

සුදුළූණුවල ඇතැම් ප්‍රතිජීවක ගුණ අඩංගුව තිබීමට ඉඩ ඇතත්  වර්තමාන  පැතිර යාමේදී නව කොරෝනාවෙන් ජනතාව ආරක්ෂා කිරීමට සුදුලූනු කෑම හේතුවෙන  බවට සාක්ෂි නොමැත.

මතය 7 : නව කොරෝනාව බලපාන්නේ වයස්ගත පුද්ගලයන්ට පමණයි.

නව කොරෝනා වයිරසයෙන් සෑම වයස් කාණ්ඩවල ජනතාව ආසාදිත වීමට පුළුවන. වයස්ගත අයත් (ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ, ආදී) කලින් සිට පවතින වෛද්‍ය තත්ත්වයන්ගෙන් පෙළෙන අයත් වඩාත් අවදානම් සහගත බවක් පෙනී යයි. තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට සෑම වයස් කාණ්ඩවලම ජනතාව පියවර ගත යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි.

මතය 8 : නව කොරෝනා වලක්වාගැනීම සහ ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිජීවක ප්‍රතිඵලදායක නැත.  

ඇත්තකි. බැක්ටීරියාවලට මිස වෛරසවලට එරෙහිව ප්‍රතිජීවක ක්‍රියා කරන්නේ නැත. ඉතින්, 2019-nCoV  වෛරසයක් නිසා එය වැළැක්වීමේ හෝ ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ලෙස ප්‍රතිජීවක ඵලදායීව යොදා ගත නොහකිය. කෙසේ වෙතත් 2019-nCoV  සඳහා ඔබ රෝහල් ගත කෙරුණොත් සහ-ආසාදන(co-infection) ඇතිවීමේ හැකියාව සලකා බලා ඇතැම් විට ඔබට ප්‍රතිජීවක ලබා දෙනු ඇත.

මතය 9 : නව කොරෝනා වෛරසය වලක්වා ගැනීමට විශේෂ ඖෂධ දැන් සොයාගෙන ඇත.

කොරෝනා වෛරසය සඳහා මෙතෙක් විශේෂ ඖෂධයක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර නොමැත. එහෙත් ඒ සම්බන්ධ පර්යේෂණ සඳහා සංවිධානය ආධාර කරයි. කෙසේ වෙතත්, ආසාදිතයන්ට රෝග ලක්ෂණ ඉවත් කිරීමට හා ඒවායින් සහනයක් ලබා දීම සඳහා යෝග්‍ය සත්කාර සැපයිය යුතු අතර දරුණු රෝගී තත්ත්වයෙන් ඉන්න අයට උපරිම සහාය සත්කාර ලැබිය යුතුය.

කෙසේවෙතත්, ඇතැම් සුවිශේෂී ප්‍රතිකාර පරීක්ෂාවන්ට ලක් කර ඇති අතර ශායනික අත්හදබැලීම් මගින් ඒවා ගැන තවදුරටත් සොයා බැලේ.

thathu.com/

ජගත් සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙහි Coronavirus disease (COVID-19) advice for the public: Myth busters  ලිපිය ඇසුරෙන් සම්පාදිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි